සෑහෙන වෙලාවක ඔට්ටුවකින් පස්සෙ තියඩෝර් ටියෑන් දෙන්නම හිටියෙ කලු ටින්ට් කරපු වීදුරු තියන බෙන්ට්ලි වර්ගයේ මෝටර් රථයක ඉස්සරහ ආසන දෙකේ.. කලුවර වැටෙන්නත් ඔන්න මෙන්න.. ටියෑන් රියදුරු අසුනෙ තියඩෝර් අනික් අසුනෙ..
“පැසේන්ජ’ ප්‍රින්සස්”
ටියෑන් නෝක්කාඩුවක් කිව්වා.. සපත්තු දෙක ගලවලා දාලා මේස් දෙක පිටින් කකුල් දෙකත් නමලා සීට් එක උඩින් තියාගෙන කකුල් දෙක උඩින් වැලමිටත් නවලා තියාගෙන වීදුරුවෙන් අහක බලාගෙන අනිමිසලෝචනේක..!
කල්පනාවෙ දුරකොච්චරක්ද කියනවනම් ගෑනු ලමයා කියපු දේ ඇහුනෙත් නැහැ..
“ඩාලින්-”
ටියෑන් කතාකරන්න පටන්ගත්තෙ නිශ්ශබ්තාවෙ දරාගන්න බැරිව..
“ග්‍රැජුවේට් උනු ගමන් රට අතෑරලා ගිය නැති එකේ රිසාල්ට් එක”
“එහෙම හිතන්න එපා.. සමහර විට මේක හරිගියොත් යුවර් පොකට් ඉස් ගොන්න බී රියල් ෆැට්..”
ඒ කියපු දේටනම් තියෝගෙ ඇහිබැම් ඇකිලුනා
“අයිම් ෆකින් සීරියස් වුමන්.. අයි ඩොන් වොන්න ඩූ දෝස් තින්ග්ස්.. මේකෙන් අපිට විතරක් නෙවෙයි ප්‍රශ්නයක් වෙන්නෙ.. අපි දන්නෙ නැහැ ගව’මන්ට් එකෙන් මොනාවා කරන්න යනවද කියලා.. මට මේ පව් කරගහන්න අවශ්‍යතාවක් නැහැ.. කොහෙත්ම නැහැ..”
“ගව’මන්ට් එක විතරක් නෙවේ.. වෙන ඕගනයිසේශන් එකක් තමා ඇතුලෙ ඉදන් ගේම් එක ප්ලේ කරන්නෙ..”
“ඔයාට ඇයි මේක කලින් නොතේරුනේ..? ටියෑන්..?- ග’ල් ටෙල් මී ද ටෲ..”
“මම දැනගෙන හිටියා..”
බෙල්ල වීදුරුවට අලවන් හිටපු තියෝ ටියෑන් දිහා බැලුවෙ වේගෙන්..
“මම කිව්වනෙ.. කව්ද හිතුවෙ මෙච්චර ඉක්මනට මේක පත්තුවෙයි කියලා.. දැන් ගව’මන්ට් එකෙන් ඩිරෙක්ට් ඉන්ෆොමේශන් එන්නෙ නැහැ කලින් වගේ.. ඔපොසිට් එක මේ ගැන එච්චර දෙයක් දන්නෙත් නැහැ.. මට දන්න දේවල් කියන්නත් බැහැනෙ දැන්.. නැතත් දැන් ඉදන් කිසිම කොමිනිකේශන් එකක් තියාගන්නත් බැහැනෙ.. මොකක් හරි ගැස්සුනොත් ඊලගට ගහලා යන්නෙ මගෙ බෙල්ල”
KAMU SEDANG MEMBACA
Code X
Romansa" I WANT IT..!" -ENDER DELACROIX "Then come and get it." -THEODORE PAURORA Language- sinhala
