“මිස් සොකොලෝව්.. මිස් සොකොලොව්..”
ෆුට්බෝල් පිට්ටනියක් තරම් දිගවුනු තණ පිට්ටනියක නවතා තිබුනු හෙලිකොප්ටර් වර්ගයේ ගුවන් යානයකින් බැහැලා ආවෙ වයස විසි ගනන් යන්තමින් පහුකලා කියලා හිතන්න පුලුවන් තරුනියක්.. ඔව්, තවමත් තරුනුබව විදහාපාන ලක්ෂන ඒ මුහුනෙ තිබුනෙ නැහැ කීයන්න බැහැ.. බැලූබැල්මටම නැගෙනහිර ආසියානු සම්බවයක් තිබෙන බව කියන්න පුලුවන් මුහුනක්.. තදනිල් පාට ඕෆිස් ඇදුමක් ඇදන් හිටපු තරුනිය ටපිටිපස්සෙන් කහපාටට හුරු යුධහමුදා ඇදුමක් ඇදන්හිටපු නිලදාරියෙක් ඇයට කතාකලත්, විනාඩි ගනනකට පෙර පිටියට ගොඩබාපු තනකොල පෙත්තගෙ සද්දෙත් එක්ක තරුනියට ඒක ඇහුමනද කියන එක ප්‍රශ්නයක්..
“මිස්”
ඒපාරනම් නිලදාරියා ඇමතීමකට වඩා කලේ බෙරිහන්දීමක් වෙන්න ඕනෙ.. ඇමතුමත් එක්ක යනගමන නතර කරලා පිටිපස හැරුනු තරුනිය..
“ඔෆිසර්..?”
“ මිස් සොකෝලොව්.. හෙඩ් ඔෆිස් එකෙන් අද මිස් ට ලුතිනන්ව හමුවෙන්න කියලා තියනවා..’’
නිලදාරියගෙ වචනත් එක්ක තරුනියගෙ මුහුනෙන් කේන්තියක් ඇතිවුනත්
“ මන් ඒක ගැන බලාගන්නම් ඔෆිසර්..”
“ මිස් එත්”
නිලධාරියට උත්තර දෙනඑක පැත්තකින් තියපු තරුනිය දිගටම ඇවිදන්ගියෙ කලින් යමින් හිටපු දිශාවටමයි..
“ටියෑන්”
අඩි දහයක් යන්න කලින් ඇයට වඩා අගල් පහක් පමන උස තරුනයෙක් ඇවිත් ඇයව තදින් වැලදගත්තා..
“ මම හිතුවෙ කලින් ඒවි කියලා. හාහ් අයි ව’ස් ටෙරිෆයිඩ් විත් දීස් ස්ටෆ්ස් ටියැන්”
තැරුනයා කිව්වෙ වදවෙන ස්වාභාවකකින්. එයාගෙ අත් නම් තවම ටියෑන් කියලා කියපු තරුනියගෙ උරහිස් වල තදින් රැදිලා. ඒ මුහුනෙ තියෙන්නෙ කියවගන්න අමාරු හැගීම් ගොඩක සමුදායක්. ඒත් ටියෑන් ගෙ සුපරික්ශාකාරී ඇස් නම් ඒවා එකින් එක ලිහමින් තේරුම්ගන්න බව විශ්වාසයි.
තරුනයා, ඔහු කෙට්ටු-තරමක් උස ශරීරයකට හිමිකම් කියන, හරිම සුදුමැලි පාට සමක් තියන වයස තිස් ගනනට ලන් කරපු ඒත් තවම අතිශයම තරුනගතිය රැදුනු කෙනෙක්. අවසන් වතාවට තමන්ගෙ උපන් බ්ලොන්ඩ් කොන්ඩය කලුපාටට හුරු දුබුරු පාටකින් පාටකරපු අතිශයින්ම සාමාන්‍ය පිරිමි ලමයෙක්. තද දුබුරු පාටට තියන ඇස් දෙකේ දැනටමත් තියන ‘බය’ සහ ‘මහන්සිය’ කියන හැගීම් තරුනිය ඉතාම ඉක්මනින් කියවගත්තා.
YOU ARE READING
Code X
Romance" I WANT IT..!" -ENDER DELACROIX "Then come and get it." -THEODORE PAURORA Language- sinhala
