"ගම ගේ හදන්නෙ අන්තිම දවසෙනේ නැත්තම් ඕකෙ කෑලි මිසින් වෙලා තියෙයි අවුරුදු උත්සවේ දවස වෙද්දි"
අම්මෝහ් මොනා උනත් ඇත්ත කතාව...මේ පොඩි ඇච්චොන්ට අත පය තියන් ඉන්න පුදුම අමාරුවක් තියෙන්නෙ...නිකම් තියෙන ගහක් කොලයක් හරි කඩන් යනවා...
"ඔව් ඔව් ඒක අන්තිම දවසෙ හදමු"
ඒක කියලා ඉවර වෙද්දි කොට කලිසම් කොල්ලෙක් හති දාගෙන මේ පැත්තට දුවන් එනවා...
"අයියේ ඔයාට නැටුම් ටීච එන්න කිව්වා..."
"ආහ් හරි මං යන්නම්"
ඒ කොල්ලා යද්දිම වීනුත් ආපු නිසා එයාට ඉතුරු ටික කරගෙන යන්න චිත්‍ර අදින්න පුලුවන් කොල්ලො ටිකව මං එනකම් තියාගන්න කියලා මං ගියා ඩාන්සින් මිස්ව හම්බෙන්න...යද්දි ඩාන්සින් මිස් මියුසික් මිස් එක බර කයියක්...
"එක්ස්කියුස් මී මිස්"
"ආහ් එන්න පුතේ...මං ඔයාට එන්න කිව්වෙ අද ප්‍රිෆෙක්ට්ලා ටිකව ගන්න පුලුවන්ද අහන්න"
"පුලුවන් මිස්"
"අනේ එහෙනම් කට්ටියට කියනවද ඉන්ටවල් එකෙන් පස්සෙ එන්න කියලා"
"හරි මිස් මං කියන්නම් කට්ටිය ප්‍රිෆෙක්ට් රූම් එකේ ඉන්නවා මීටින් එකක්"
"ආහ් එහෙනම් කියන්න හොඳේ"
"හරි මිස්"
"ආහ් පුතා"
ඒ මියුසික් මිස්...
"මිස්"
"ඔයාලාත් ඒ ගමන්ම එන්න දෙතුන් පාරක් ප්‍රැක්ටිස් කරමු"
"හරි මිස්"
ඔය කියන්නෙ අපේ අනිත් ප්‍රිෆෙක්ට්ලාගෙ අයිටම් එක ගැන...ඒකෙ සින්දු කියන්න පුලුවන් සෙට් එක සින්දුව කියනවා...අනිත් සෙට් එක නටනවා...ටොප් බෝඩ් එකට වෙනම අයිටම් එකක් තියෙන නිසා අපි ඒකට ගියෙ නෑ...
මං ප්‍රිෆෙක්ට් රූම් එකට යද්දිම වගේ වීනු මීටින් එක ඉවර කලේ... ඒත් එක්කම මං පනිවිඩේ දීලා කොල්ලො ටික යවලා චිත්‍ර අදින්න පුලුවන් කියලා නැවතුන සෙට් එක පැත්තට ගියා...යකෝ පහලවක්වත් නෑනෙ දෙසීයක් විතර ඉන්න ප්‍රිෆෙක්ට් බෝඩ් එකටම චිත්‍ර අදින්න පුලුවන් උන් ඉන්නෙ මෙච්චරද නෙද්දකිම්...
YOU ARE READING
✨Forever yours✨
Romance✨💛...කහ රෝස මලකට පෙම් බඳින නිල් අහසක්...💙✨ ✨"A quiet bond turns into a timeless love-this is Yuveen and Thuhinu's story."✨
✨Chapter 08✨
Start from the beginning
