✨Chapter 05✨
"ආහ් පොඩි මස්සිනේහ්"
"හම්මට මල්ලෙහ්"
"කොහෙද මේ යන්නෙ"
"මියුසික් රූම් එකට යනවා මියුසික් මිස්ව හම්බෙන්න"
"ආහ් අපිත් යන්නෙ ඒකට තමා අපිට දැන් මියුසික් තියෙන්නෙ"
"ඈ දැන් පීරියඩ් එකෙන් බාගයක් ඉවරනෙ"
"හෙහ් හේ පීරියඩ් දෙකක්ම තියේනෙ ඉතිම් පොඩ්ඩක් පරක්කු උනාට නෝ ප්‍රොබ්ලම් අනික අද අවුරුදු උත්සවේට සිංදු තෝරනවා කියලා කිව්වා"
"ආ ඔව් ඔව් ඒකට තමා අපිත් මේ යන්නෙ"
"අයියලාට මොනාද තියෙන්නෙ"
"ටොප් බෝඩ් එකෙන් සිංදුවක් ඉල්ලලා තිබ්බා එතෙන්ට ගියාම තව මොන මොන මරාල පාත් වෙයිද දන්නෑ ඉතින්"
"ඒකනම් ඇත්ත හැබැයි...ඒක නෙවේ...හ් මේ අයියගෙ නම වීනාශ් නේහ්?"
"ඔව් ඔව් වීනාශ් තමා"
"අයියගෙ යාලුවත් මගෙ යාලුවා වගේමයි"
"ඇයි එහෙම කිව්වෙ"
"නෑ ඉතිම් උන්ගෙ ඒවත් එක්කම අපි එපැයි කතා කරන්න"
"අම්මෝහ් ඒකටනම් එකඟයි ඈහ්..."
ඒකටනම් මටයි ෂයේන්ටයි විතරක් නෙවේ වීනුටත් හිනා ගියා...යුවීන්ටත් හිනාවක් පනින්න ගිහින් අහක බලා ගන්නවා මගේ උකුසු ඇස් වලට අහු උනා හුහ් මට හොරෙන් හිනා වෙන්න එව්වා හඳේ තමයි...
"එක්ස්කියුස් මී මිස්"
"එන්න පුතා"
"සුබෝදෑසනක් වේවා මිස් අපිත් එන්නද?"
"ආ ආවද දෙන්නා මං හිතුවෙ උබලා ඊලග පීරියඩ් එකත් ඉවර වෙලාම එයි කියලා...අදට විතරක් එන්න ආයෙ නෝ එක්ස්කියුස්"
"තැන්කූ අනේව්"
"නෙලීෂ පුතා අයිටම් එකට කට්ටිය සෝන්ග් එකක් සිලෙක්ට් කලාද?"
"තාම නෑ මිස් අපි බැලුවෙ හතරක් ඉන්න නිසා සෝන්ග්ස් දෙක තුනක මික්ස් එකක් කියන්න"
"ආහ් ඒකත් හොද අදහස එහෙනම් ඔයාලාම සෝන්ග්ස් ටික සිලෙක්ට් කරගන්නකො"
YOU ARE READING
✨Forever yours✨
Romance✨💛...කහ රෝස මලකට පෙම් බඳින නිල් අහසක්...💙✨ ✨"A quiet bond turns into a timeless love-this is Yuveen and Thuhinu's story."✨
