✨Chapter 08✨

14 3 3
                                        

"වීනු ඉක්මනට වරෙන් ප්‍රිෆෙක්ට්ලා ටිකට ඉක්මනට විස්තරේ කියලා යවන්න ඕනෙ..."

"උඹ ගිහින් පටන් ගනින් මං එන්නම්..."

"හා හා"



"Good morning ලමයි...ඔයාලට එන්න කිව්වෙ ඇඳුම් වැඩේ ගැන කතා කරගන්න...ඔයාලා හැමෝම ප්‍රින්සිපල් සර් ගත්තු මීටින් එකේදි කිව්වනෙ එක වගේ අඳින්න කැමතී කියලා...එහෙනම් ඔන්න එදාට ප්‍රිෆෙක්ට් බෝඩ් එකම එක වගේ අඳින්නෙ..."


"අයියේ සරම නේද අඳින්නෙ"

"ඔව් ඔව්"

"එතකොට පාට"

"ඒක තමා අනිත් ප්‍රශ්නෙ අපි බැලුවෙ ෂර්ට් එක තනි කලු අඳින්න කොල්ලො කොහොමත් කලු පාටට අකමැති නෑනෙ...සරම අපි එකම පාටින් නැතුව පාට හතර පහකින් ගමු...ඔයාලා කැමතිනම් අපි නිවාස වල පාටින් සරම ගමු...නිවාස හතරෙන්ම සමාන ගනන් ඉන්නවනම් තමා එහෙම කරන්න වෙන්නෙ එකකින් විස්සක් විතර ඉදලා එකකින් හතලිහක් පනහක් හිටියොත් බෑනෙ...අද කී දෙනෙක් වගේ අඩුද?"

"අද ගොඩක් ඉන්නවා දහයක් වගේ අඩු"

"ම්ම්ම් එහෙනම් මෙහෙම කරමු මං කොලයක් එවන්නම් එකේ නිවාස හතරෙ ලමයි ටික වෙන වෙනම නම් ලියන්න උඩින් නිවාසෙ නම ලියලා එක දෙක තුන දාලා නම් ලියන්න නමේ කෑලි දෙකක් ලිව්වම ඇති...ආ ඔයාලාගෙ ආපු නැති යාලුවො ඉන්නවනම් එයාලාගෙ නම් ටිකත් ලියන්න හැබැයි තුන් හතර පාරක් එක නම ලියන්න එපා බලලා ලියලා නැත්තම් විතරක් ලියන්න..."

"ඊළඟට අවුරුදු උත්සවේ සැරසිලි ගම ගෙවල් අනම් මනම් සේරම හදන්නෝනෙ අපි කියලා දන්නවනෙ...ඒ වැඩ හෙට අනිද්දම පටන් ගන්නෝනෙ...A/L කොල්ලො ටික කොහොමත් උදව්වට එයි..."

"ඉස්කෝලෙ වෙලාවෙද අයියෙ ඕවා කරන්නෙ"

"ඔව් ඉතින් "

"අයියෝ අපේ මිස්ලත් එක්ක බෑ අයියෙ මේ ප්‍රිෆෙක්ට් පට්ටම ගත්ත දවසෙ ඉදන් පලු යන්න බැනුම් අහනවා අපි...දැන් තව සතියක් ක්ලාස් එකේ නෑ කිව්වම ඉන්න හම්බෙන එකක් නෑ"

"ඒවා ඉස්සර ඉදන්ම එහෙම තමා බං...හරි හරි අපි එහෙම උනොත් හවස ඉදලා ඒ වැඩ කරගමු අන්තිම දවස් දෙකේ කොහොමත් තියාගන්න හිටියෙ"

You've reached the end of published parts.

⏰ Last updated: 6 days ago ⏰

Add this story to your Library to get notified about new parts!

✨Forever yours✨Where stories live. Discover now