"ගුඩ් මෝනින් නෙලියො"
"ආහ් ගුඩ් මෝනින් ශෙවාන්... කෝ ආයු"
"එයා එනන් ටිකක් පරක්කු වෙයි කිව්වා "
"මොකෝ ඌ රෑ තිස්සෙ ගේ මුර කරනවද?"
"උන්ගෙ තාත්තගෙ මොකක්ද වැඩකට ගිහින් එන්නෙ කිව්වා බං"
"හරි හරි...ආහ් මේ"
"ඕ"
"අන්න අවුරුදු උත්සවේලු බං"
"ඉතින්"
"ඉතින් කියන්නෙ යකෝ ඒ මගුලෙ වැඩ සේරම කරන්න තියෙන්නෙ ටොප් බෝඩ් එකට"
"කවුද උබට කිව්වෙ"
"වෙන කවුද මිනදි මිස් මිසක් ටොප් බෝඩ් එකම ඉන්න දවසක ප්‍රින්සිපල් සර් මීටින් එකක් ගන්නම් කිව්වා කියලා කිව්වෙ"
"ඕක ඉතින් හැම අවුරුද්දෙම වෙන දේනෙ බං කවද්ද උබට කිව්වෙ"
"ඊයෙ බං ඊයෙ ටොප් බෝඩ් එකටම මං විතරනෙ තොපි ඔක්කොම සංචාරෙනෙ"
"කලාප තරඟ වලට ගේම්ස් කැප්ටන්ලා නැතුව තෝ යන්නද හරකෝ"
"හරි හරි ඉතිම් හෙහ් හේ හෙට වීනුත් ආවම කතා කරගමු "
"ම්ම්"
"ආයු උබලා කාලද?"
"කෑවනම් උබට පේනවනෙ යකෝ මේ මගුලෙ කලාප තරගයක් හින්දා ඔලුවවත් උස්සගන්න වෙලාවක් නෑ"
"හේ හේ මං කෑම අරන් එන්නද?"
"පුලුවන්නම් ගෙනෙන්කො යකෙක් කන්න බඩගිනී"
"ආහ් නෙලියෝ"
"ඕ"
"උබ ගාව A4 කොල තියෙද බං මේ වොලිබෝල් තරග වලට ඉන්න උන් ටිකගෙ නම් ටික අද හරියටම ලියලා බාර දෙන්න කිව්වානෙ"
"මගෙ ලාච්චුවෙ ඇති... ශෙවාන් අරන් දියන්කො මං කෑම අරන් එන්නම්"
"හා හා උබ පලයං"
මං ගිහින් බත් දෙකයි තෝසෙ තුනයි අරන් එද්දිත් අරුන් බෙල්ල කඩන් ලියනවයි ෆයිල් පෙරලනවයි A/L ලියන අවුරුදු දෙක හොදයි යකෝව් ටොප් බෝඩ් ඉන්න එක අවුරුද්දට වඩා
"වරෙන් කන්න කාලා ලියපන් ඕක"
"මං කවන්නම් ඔයා ඕක ලියන්න"
YOU ARE READING
✨Forever yours✨
Romance✨💛...කහ රෝස මලකට පෙම් බඳින නිල් අහසක්...💙✨ ✨"A quiet bond turns into a timeless love-this is Yuveen and Thuhinu's story."✨
