✨Future part✨

109 12 9
                                        

         

"හෙලෝ මල්ලි"

"ඔව් අයියෙ කියන්න"

"මල්ලි යුවී මල්ලි ඉන්නවා"

"මොකක්...!"

"ඔව් බං ඔව් "

"අනේ...හ් දෙයියනේ අයියෙ මගෙ වස්තුව හොදින්ද?"

"ඔය ඉතිම් කලබල නොවී අහපන්කො පොඩ්ඩක්"

"කලබල නොවී කොහොමද අයියෙ මං පිස්සෙක් නොවුනු ටික විතරයි ඌ නිසා"

"හරි හරි මේ අහපංකො කොල්ලා ඉන්නෙ කෝමා එකක"

"ආහ්...?!"

"ඔව් බං හරියටම විස්තරයක් දන්නෙ නෑ මං හොස්පිට්ල් එකේ බං විස්තරයක් හොයන් උබට කියන්නම් මේ හිටියා වගේ කලබල නොවී තව ටික දවසක් ඉවසපන්කො හොද එකා වගේ උබට නොකියම බැරි නිසයි කිව්වෙ"

"අනේ..හ් අයි..යෙ ම..ගෙ කොල්..ල..හ්"

"හරි බං පොඩි එකෙක් වගේ නාඩා හිටපම්කො දැන් මං උබට හෙට උදේම ගන්නම් හරිද"

"ම්ම්... හරි අයියෙ"

"පරිස්සමින් හිටපන් අඩන්නැතුව"

"ම්ම්..."

'අවුරුදු 2ක් හරියටම අවුරුදු 2කින් මගෙ වස්තුව ගැන ආරංචියක් ආව පලවෙනි වතාව... ඒකත් හීනෙකින්වත් නොහිතපු විදිහකට මාව හිටපු තත්වෙන් තවත් පහලටම තල්ලු කරලා දාලා...දෙවියනේ මගේ මැණික කෝමා එකක කියලා මං කොහොම විශ්වාස කරන්නද...මේ අවුරුදු 2කම හැම තප්පරේම මං එයාගෙන් අඩුම කෝල් එකක්වත් එනකම් මග බලන් හිටියා.. ඒත් දැන් ඒ පුංචිම පුංචි බලාපොරොත්තුවත් බලන් ඉද්දිම නැති වෙලා ගියා...මං ඉක්මන්ටම මගෙ මැණික ගාවට එනවා ඒකට මං මෙච්චර කල් ගත්තට  ඕන දඬුවමක් බාර ගන්නම් ඉක්මන්ට නැගිටින්න වස්තුව...මං ආදරෙයි...'

_____________________________________________

මේක ඇවිල්ලා අනාගතේ වෙන්න තියෙන එකක් ලමයි මම මේක දැම්මෙ වෙන මොකකටවත් නෙවෙයි ඔයාලව අවුස්සන්න එච්චරයි😂♥

ඊලග එකේ ඉදන් කතාව පටන් ගන්නවා🌚💕

Hansi✨

✨Forever yours✨Where stories live. Discover now