කාලය ගෙවිලා යන්නෙ පුදුම වේගෙකින්...අපේ අවුරුදු උත්සවේට තව සති දෙකයි තියෙන්නෙ...මිස් අපිට ගිය ටිකේම උගන්නන වැඩක් පාඩු කරන් ප්‍රැක්ටිස් කෙරෙව්වා...යුවීන්ගෙ වොයිස් එකත් මාරම ගති...ෂයේනුත් මරුවට සින්ග් කරනවා ඒකටම වීනුගෙ වොයිස් එකත් එකතු උනාම මරු ඉතින්...අපේ විශූත් ආයුට හොද සපෝර්ට් එකක් දෙනවා සපෝර්ට් එක හොඳ වෙන්න වෙන්න ආයුගෙ කෙස් ගස් ටික අඩු වෙන එක වෙනම කතාවක්...අනේව් පෞ අසරණයා දැන් ඉතින් ලබන අවුරුද්දෙ අවුරුදු උත්සවේ වෙනකම්වත් ශෙවා ඕක අමතක කරන්නෑ... මේ ටිකේම උදම්ට උනේ ප්‍රැක්ටිස් කරන එක පැත්තක දාලා ඇවිලෙන ශෙවාව නිවන්න... කැහ්ම් කැහ්ම් අවසාන වශයෙන් මං මාත් ඉතින් ප්‍රැක්ටිස් කරපු එක තමා ඉතින් කලේ වෙන මොනා කරන්නද මෙහෙම හිටියට මගේ වොයිස් එකත් ලස්සනයි හර්තේ හුම්ම්...
අද ඉදන් තමයි අවුරුදු උත්සවේට වැඩ පටන් ගන්නෙ...ශිෂ්‍ය නායක මණ්ඩලේ ඔලුව ගිනි අරන් වගේ හෝ ගාලා ඒවා ප්ලෑන් කරනවා...මේ ටිකේම ප්‍රැක්ටිස් කරත් නැතත් ෂයේනුයි යුවීනුයි හැමදාම ඉන්ටවල් එකට කෑමත් උස්සන් ප්‍රිෆෙක්ට් රූම් එකට කඩා පැන්නා...ඒ මදිවට උන් දෙන්නා නැති උනොත් උදම් තනියෙන් කියලා ඒ කොල්ලාවත් ඇදන් එනවා මුන් ඒක පුරුද්දකට අරන්...මටත් ඉතින් පාඩුවක් නෑ යුවීන් මට හැමදාම කවනෝනෙ හෙහ් හේ...
"වීනුවෝඕඕ"
"මොකෝ"
"අවුරුදු උත්සවේට ප්‍රිෆෙක්ට්ස්ල එක වගේ අඳිමු කිව්වා නේද මීටින් එක වෙලේ ඒකට මොකෝ කරන්නෙ"
"කට්ටිය කැමතිනම් අඳිමු ඉතින්"
"කැමති හින්දනෙ යකෝ උන් යෝජනා කලේ"
"බලමු ප්‍රින්සිපල්ට කියලා හෙට මීටින් එක ගනීනෙ කොහොමත්"
"හා හා"
1.30ට බෙල් එක ගහලා ගාතා කියලා ලමයි ටික යනකම් ඉදලා එළියට යද්දි දැකපු දේ නිසා මං කන්ෆියුස්ඩ් උනා...මෙන්න යකෝ අපේ අයියා ඇවිත් මාව එක්කන් යන්න...ආවනම් වාහනේ මේ පැත්තට දාන්නෙපැයි යකෝ අනිත් පැත්තෙ ඉදන් මොනා කරනවද මන්දා...පාර පැනලා යද්දි ෂයේනුත් ඉන්නවා අයියත් එක්ක කතා කර කර...ලගට ගිහින් බලද්දි මාව දෙවෙනි පාරටත් කන්ෆියුස්ඩ් උනා කියහල්ලකො... මෙන්න යකෝ කාර් එක ඇතුලෙ නෑනා පොඩ්ඩ ඉන්නවා...ෂයේන් මාව දැක්ක ගමන් 'හම්මට පොඩි මස්සිනේහ්' ගාලා කරට අතක් දාගත්තා...
YOU ARE READING
✨Forever yours✨
Romance✨💛...කහ රෝස මලකට පෙම් බඳින නිල් අහසක්...💙✨ ✨"A quiet bond turns into a timeless love-this is Yuveen and Thuhinu's story."✨
