අතීතයට,
"ශෙවෝන් අයියේඒඒ"
"ඕ ඇයි?"
"මේ ඔයාට මිනදි මිස් කතා කලා"
"හරි පොඩ්ඩො මං යන්නම්"
"හරීඊඊ"
පාසල් මෑණියන්ගෙ අභිමානවත් දෙවෙනි පුත්ර රත්නය වසයෙන් මේ ඇවිල්ලා ඉල්ලන් කන කටු තමයි...අද පලවෙනි පුත්රයත් බිසී ඌ මේ වෙද්දි ලංකාවෙත් නෑ අනිද්දා දිහාවට කඩා පාත් වෙයි ඉතින් මගෙ ධනපති පංතියෙ මිතුරා ඊව් බූරු පුතා මාව මෙහෙ වැඩ වලට හිර කරලා ඌ යනවා සංචාරෙ... අනිකා ඌ අනිත් දෙවෙනි පුත්රයා ඌ ගැන නම් කතා කරන්න වචන නෑ පුදුම සතුටුයි බැජ් එක දීලා සතියයි ඌ රට ගියා අද වෙනතුරු ඒකා නෑ DHPලා දෙන්නෙක් දැම්මා මහ ලොකුවට HPට උදව්වට අනේ ඉතින් උගෙ උදව් ගැන මං නම් මුකූත් කියන්නෙ නෑමයි... පුහ් වෙලාවට තමා A/L ඉවර උනාම මේ පටටම් දෙන්නෙ නැත්තම් මේ ජනාධිපතිටවත් නැති වැඩ තොගෙත් එක්ක A/L ම තමයි කොරන්න වෙන්නෙ...මහාආආ ලොකුවට prefect room කියලා එකක් තිබ්බට මොකද මේවයෙ අපිට විනාඩි පහක් එක දිගට ඉන්න පින නෑ අපේ හාන්දුරුවනේ...මේ පේනවනෙ ශේවෝන් අයියේ අර මිස් කතා කලා ශෙවෝන් අයියේ ප්රින්සිපල් රූම් එකට එන්නලු ශේවෝන් අයියේ හුයියේ යැයි යැයි තමයි ඉතින් දවසම...
"එක්ස්කියුස් මී මිස්"
"ආ ශෙවෝන් පුතා එන්න ඇතුලට ඉදගන්න"
"මිස් මට කතා කලේ"
"ආ පුතා තව මාස දෙකකින් අලුත් අවුරුදුනෙ ඉතින් අවුරුදු උත්සවේ තියන්න ඕනෙ...ඉතින් ප්රින්සිපල් සර් කිව්වා මේ ගැන ටොප් බෝඩ් එක දැනුවත් කරලා තියන්න එයා ඉක්මන්ට රැස්වීමක් ගන්නම් කියලා අද ටොප් බෝඩ් එකටම ඉන්නෙ ශෙවෝන් විතරනෙ කට්ටියම ඉන්න දවසට සර් මීටින් එක ගනී...දන්නවනෙ ඉතින් කොල්ලො සර් ඔය නොකියා කියන්නෙ මේ පාරත් මේකට ෆුල් සපෝර්ට් එක ටොප් බෝඩ් එකෙන් ඕනෙ කියලා තමයි..."
"හරි මිස් මං බලන්නම් ඒ ගැන"
"හරි පුතා එහෙනම්"
"හරි මිස් මං ගිහින් එන්නම්"
අපේ ආදරණීය ටොප් බෝඩ් එක බාර මිනදි මිස්ටම කතා කරලා ප්රින්සිපල් ඕක කිව්වා කියන්නෙ ඉතින් ඕකෙ සරල තේරුම ඕකෙ දෙන කිරි පැකට් එකේ ඉදන් අපි ප්ලෑන් කරන්න ඕනෙ කියන එක තමයි...දැන් ඉතිම් කරපම්කො අවුරුදු උත්සව ඊව් කවදා කාපු කටුද මෙව්වා කලින් උන් වින්ද දුක දැන් තමයි තේරෙන්නෙ...සියල්ලට ප්රථම කෑම කියලා දැන්නම් මේ යන්නෙ කැන්ටිමේ ඇන්ටිගෙ තෝසෙ එක කන්න...ඉස්කෝලෙ ආවොත් අනිවාරෙන්ම මායි වීනුයි අමතක කරන්නෙම නැති දේවල් වලින් ප්රධානම දෙයක් තමා ඉතිම් මේ තෝසෙ එක...දැන් ඉතිම් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාම සිහි කරලා කන්න කියලා මේ මගේ රාජකීය ආසනේට යන ගමන් තමා ඉන්නෙ...කන්න කියලා ඉදගත්තට මොකද දවසේ එක්ලක්ෂ විසිතුන්දාස් නවසිය හතලිස් හත් වෙනි වතාවටත්,
YOU ARE READING
✨Forever yours✨
Romance✨💛...කහ රෝස මලකට පෙම් බඳින නිල් අහසක්...💙✨ ✨"A quiet bond turns into a timeless love-this is Yuveen and Thuhinu's story."✨
