හතරදෙනාම වට වෙලා කන්න කියලා හැදුවත් මොකෝ ඔන්න මගෙ ඇගේ ඉන්න කම්මැලි යකා එලියට එන ටයිම්ම්ම්...

"අනේ වීනු කවනෝකෝ"

"උබ කවද්ද අතින් කන්න පුරුදු වෙන්නෙ"

"මං අතින් කන්නෑමයි"

"බැන්ද කාලෙක තේරෙයි උබට"

"එතෝට මං බඳින එක්කෙනාට කියලා කවාගන්නම්කො... ඔයාට දැන් කවන්න බෑද කියන්නකො"

ගෙදරදි රෑට ඇරෙන්න අනිත් වේල් දෙකටම කවන්නෙ අම්මා... ඉස්කෝලෙදි කන්න කම්මැලි හිතුනම ආයුයි වීනුයි ෂෙවානුයි ලගට මාරුවෙන් මාරුවට ගිහින් කවා ගන්නවා...අද ආයුයි ෂෙවායි නෑනෙ...වීනු ඔය බැන්නට හැමදාම ඔය ටික කියලා බැනලා බැනලා ආයෙ අනිත් පැත්තට කවනෝ හේ හේ...

වීනුගෙන් ගේම ඉල්ලන්න එන්ටර් වෙද්දිම මෙන්න යකෝ බත් කටක් පියාඹලා ආවා...ආහ් වීනු නෙවේ යකුනේ මාත් මේ කන්ෆියුස්ඩ් වෙලා ඉන්නෙ...ඔව් ඔව් යුවීන් තමා...මම කන්නැතුව උගෙ මූන දිහා බලන් ඉද්දි ඌ ඔලුවෙන් බත් කට පෙන්නලා කන්න කිව්වා මාත් ඉතින් කෑවා...ඒත් මට දැනෙනවා මං රතු වෙනවා කියලා...ආහ් ඇයි යකෝ මාව රතු වෙන්නෙ මොන ලැජ්ජාවක්ද මේ...

"කැහ් කැහ් කැහ්"

ෂයේන්ට ඒක දැකලා කැස්සක් ආවා ලද අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තු මම උගෙ පිටට දඩාන් ගාලා දෙක තුනක්ම දීලා වතුර එකත් දුන්නා මොනා උනත් පව්නෙ මස්සිනා පොඩ්ඩ...

"පුහ් අපිට තමා ආසාවට බත් කටක් කවන්න තියා වතුර උගුරක් දෙන්න කෙනෙක් නැත්තෙ"

"ඇයි බං බොරු කියන්නෙ මං දැන් වතුර බෝතලයක්ම දුන්නෙ"

"ඔහොම යමන්කො"

"හාකො"

මං දැක්කා යුවීන් ෂයේන්ට රවනවා හෝ ගාලා...මම ඉතින් මේ ලෝකෙ ඉන්න හොදම ලමයා වගේ කවන කවන ඔක්කොම ගිලලා යුවීන් අරන් දුන්න වතුර එකත් බිලා කට්ටියත් එක්ක ගියෙ ටැප් එක ගාවට...

කොහොම හරි කවලා කාලා අත හෝදන් පොඩි උන් දෙන්නා ක්ලාස් එකට ගියෙ හෙටත් එන්නම් කියාගෙනමයි...ෂයේන් මල්ලි කියවලා ඉවර වෙනකම් මගෙ දිහා කන්න වගේ බලන් ඉදපු යුවීන් ෂයේන් යද්දි සාක්කු දෙකේ අත් දෙක ඔබන් පාඩුවෙ ගියා...උබර්ලා හිතුවෙ ඌ බලන් ඉද්දි මාත් බලන් හිටියා කියලද...මොන පිස්සුද මම ෂයේන් එක්ක කතා කරනවා වගේ තාත්වික රංගනයක යෙදෙන ගමන් තමයි ඔය සේරම ඇහැ කොනින් බලන් හිටියෙ හුහ්...

✨Forever yours✨Where stories live. Discover now