කැන්ටිමට යනකනුත් කිසි සද්දයක් බද්දයක් නැතුව අත් දෙකත් සාක්කුවට ඔබන් මගෙ පස්සෙන් ආව යුවීන්ට එලියෙන් ඉන්න කියලා මං ඇතුල්ට ගියා...අනේව් මූව හුරතලේට ඇති කරන්න හිතෙන්නෙ මේ වගේ වෙලාවට තමයි කිසීම කරදරයක් නෑ...

"මං ඉක්මන්ට එන්නම් ඔයා ඔහොම්ම ඉන්න"

"..."

ඔයාලා හිතුවා හරි ඔලුවෙන් උත්තරේ හම්බුනා...මම ඩිපියුටි හෙඩ් ප්‍රිෆෙක්ට් උනේ නැත්තම් කයි අද මුන් ටික...බලය අවභාවිතා කරනවා නෙවෙයි but නැත්තෙත් නෑහ් හේ හේ අපිට කියලා කොච්චරක් වැඩද ඒ නිසා අනිත් ලමයිත් මුකුත් කියන්නෙ නෑ...මම කැන්ටින් එකට ගිහින් කෑම අරන් පොල් ටොෆි දෙකකුත් අරන් එද්දි අනේව් අරයා කිව්ව විදිහටම එතන්ටම වෙලා දොර දිහා බලන් ඉන්නවා... හරීම කීකරු දරුවෙක් අප්පාහ් ගෙදර ගෙනියන්න හිතෙනවා...හෝ හෝ තුහී උබර් ඕන්නැති මගුල් හිතනවා වැඩී...

"ආ..."

එක පොල් ටොෆියක් කටේ ඔබන් අනික යුවීන්ට දුන්නෙ කොහෙත්ම ගනී කියලා නම් හිතලා නෙවේ...මෙන්න යකෝ මූ ඒක ගත්තා...

"Thanks"

ආහ් මා මේ දකින්නෙ ස්වප්නයක්ද දෙයියනේ මෙන්න මූ මට තෑන්ක්ස් කිව්වා...ආහ් ඒ මදිවට චුට්ටිත්තක් හිනා උනත් එක්ක... ඌ හිනා වෙද්දි අර ලා නිල් පාට ඇස් එක්ක මාරම ලස්සනයි... මෙහෙම හිනා වෙලත් මෙච්චර ලස්සන නම් හරියට හිනා උනොත් කොහොම ඇතිද...පොල් ටොෆියත් කෑවා දෙයියනේ...මාව කවුරු හරි කොනිත්තන්න ප්ලීස්...

"යමුද"

"ආහ් යන් යන්"

ආහ් මං මෙච්චර වෙලා මුගෙ මූන දිහා බලන්ද මනෝ ගහලා තියෙන්නෙ...හයියෝ ලැජ්ජාව බාල්දියෙන් එකයි...මොනා උනත් ඌ හිනා උනාම ලස්සනයි අප්පා හුම්ම්ම්...

කල්පනා කර කරම ප්‍රිෆෙක්ට් රූම් එකටම ඇවිත් කියලා තේරුනේ ෂයේන්ගෙ ටකරන් වොයිස් එක ප්‍රිෆෙක්ට් රූම් එක පුරා රැව් පිලිරැව් දුන්න එකෙන්...

"හනේව් ඔයාලා ආවද"

"ඇයි උබ හිතුවද නවතින්න ගියා කියලා"

"කවුද ඉතින් දන්නෙ හුහ්"

"කට වහන් මෙන්න මෙහෙ වරෙන්"

✨Forever yours✨Where stories live. Discover now