"හරි මිස්"
"ආ මං හැදුවෙ මේ පාර අපේ ෂයේන්වයි,යුවීන්වයි අයිටම්ස්වලට ගන්න...කොල්ලො දෙන්නා සෑහෙන්න දක්ෂයි කොහෙද ඉතින් මට හම්බුනේ මේ අවුරුද්දෙනෙ...මං අහන්න ගියෙ කොල්ලො දෙන්නත් එක්ක අයිටම්ස් දෙකක් කරන්න ඔය දෙන්නට එන්න බැරිද කියලා වෙනසකටත් එක්ක හොදයිනෙ ඔයාලාගෙත් අන්තිම අවුරුද්දනෙ අයිටම් දෙකකට හිටියට වැඩි නෑනෙ"
"ආහ් ඒක අවුලක් නෑ මිස්"
මං කිව්වෙ මේ මිස් ඉන්නකම් එක අයිටම් එකකින් බේරෙනවා කියන්නෙ අමාරු වැඩක් නෙවේ කරන්න බැරි වැඩක්...
"ෂයේන්,යුවීන් පොඩ්ඩක් එන්නකෝ"
"ඇයි මිස්"
"අවුරුදු උත්සවේ අයිටම් දෙකක් කරන්න කැමතිනෙ දෙන්නා"
"අවුලක් නෑ මිස්"
"වෙනසකටත් එක්ක ටොප් බෝඩ් එකේ අයියා කෙනෙක් එක්ක සින්දුවක් කියමු නේ?"
"තනියෙන් කියනවට වඩා නම් හොදයි"
"ෂයේන්ට පුලුවන්නෙ වීනාශ් එක්ක අයිටම් එක කරන්න"
"අවුලක් නෑ"
අනේ අපොයි දෙයියනේ ඒ කියන්නෙ මං මේ අලි ඔලුවා එක්කද අයිටම් එක කරන්නෝනෙ...ආආආහ් දෙයියො මාත් එක්ක කෝප වෙලාද මන්දා මේ ටිකේම...
"නෙලීෂයි,යුවිනුයි ok නෙ"
"ශේප් ශේප්"
"හරි එහෙනම් කොල්ලො ටික මේ සතිය ඇතුලත සෝන්ග්ස් ටික සිලෙක්ට් කරලා කියන්න ඕනෙ මට නැත්තම් අන්තිම මොහොතෙ අවුරුදු උත්සවේ වැඩත් තියන් ඕවා කරන්න වෙලා නෑනෙ"
"හරි මිස්"
"ආ නෙලීෂ *** එකේ කෙල්ලො ටික මේ පාරත් නෑගම් එයිනෙ ඒකෙ GC ඔයාලගෙ යාලුවෙක් නේද? අර ගිය පාර ඩාන්ස් කලේ"
"ඔව් ඔව් ඒ විශ්මි "
"අන්න එයාගෙන් මේ පාරත් අයිටම් එකක් ඉල්ලගත්තනම් හරි අපේ ආයුට සින්ග් කරන්න කියලා"
විශ්මි කියන්නෙ මගෙයි වීනුගෙයි බොක්කෙ ෆිට් එක...ඒකි ඇවිල්ලා අපි දෙන්නත් එක්ක ප්‍රයිමරි කාලෙ ඉදන් එකට හිටපු එකී... 5 වසරෙන් පස්සෙ අපි මේ ඉස්කෝලෙට ආවා එකී අපේ එහා පැත්තෙම ගර්ල්ස් එකට ගියා... ඒත් ඉතින් යාලුකමටනම් මුකුත් උනේ නෑ දැනටත් තුන්දෙනා ඔය කොෆී ෂොප් එකකට හරි සෙට් වෙලා කයියක් ගහලා ඉදලා යනවා...ඒකි ඉන්නෙ අපේ ලේන් එකට ලේන් දෙකකට එහා ලේන් එකේ වීනු ඉන්නෙ අපේ පාරෙ නෙවේ හැබැයි එකම පැත්තෙ එයානම් ටිකක් විතර දුරයි ඒත් ගොඩක් නෑ ඉතින් ඒක නිසා A/L කාලෙ එහෙම අපි තුන්දෙනා එක ගෙදරකට සෙට් වෙලා ඕන තරම් පාඩම් කරලා ඇති...අපි තුන්දෙනාම කලේ කොමස් වගේම එකම සබ්ජෙක්ට්ස් ටික ඒක නිසා ක්ලාස් පවා ගියෙ එකටමයි විශ්මි ඩාන්සින් කරන්න ඕන නිසා ආට් කරන්න හැදුවත් ඒකිගෙ හිත තිබ්බෙ කොමස් වලට නිසා අම්මලා කිව්වා කොමස් කරන්න ඩාන්සින් ඇකඩමි එකට යමු ඩාන්සින් ඉගෙනගන්න සබ්ජෙක්ට් එක කරන්නම ඕනෙ නෑනෙ කියලා...ඩාන්සින් කන්ටිනිවු කලාට ඉස්සරහට පවුලෙ බිස්නස්වලට ජොයින් වෙන්න තමා කෙල්ලගෙ කැමැත්ත ඒකමයි ආට් නොකර හිටියෙත්...ඩාන්සින් වගේම ඒකි නොකරපු ස්පෝට් එකක් නැතුව ඇති...GC උන එක අහන්නත් දෙයක් නෙවේ එකී ස්පෝට්ස් කරපු විදිහට...සමහර දවසට උදේ පාන්දර ඉස්කෝලෙට ගිහාම එන්නෙ හවස පහ හය වෙලා...ඒ වගේම ඉගෙනගන්න වැඩ ටිකත් බැලන්ස් කරන් ගියා ඉතින් කෙල්ල දක්ෂයි ඒ අතින්...දැන් නම් ඉතින් ගොඩක්ම ඒවගෙන් අයින් වෙලා ඉන්නෙ...
ESTÁS LEYENDO
✨Forever yours✨
Romance✨💛...කහ රෝස මලකට පෙම් බඳින නිල් අහසක්...💙✨ ✨"A quiet bond turns into a timeless love-this is Yuveen and Thuhinu's story."✨
✨Chapter 04✨
Comenzar desde el principio
