හෑ මේ මොකත මේ අපේ ආයු පුතා ගැන ශෙවාන් පුතාට දුක හිතිලා හුම් හුම් හුම් මෙතන සිතන්නට යමක් ඇති හැඩයී...ඔක්කොටම කලින් කාලා ඉමුකො කෑමනෙ අංක 1 හේ හේ...
"ආහ් මේ නෙලියො මං අහන්න හිටියෙ උබ කවදා ඉදන්ද ඩයිරි ලියන්නෙ"
"ආහ් මේ මං?"
"නැත්තන් යකෝ මං ද?"
"ඇයි එහෙම අහන්නෙ"
"නෑ උබේ ලාච්චුවෙ ඩයිරියක් තිබ්බ හින්දා ඇහුවෙ"
"මගේ ලාච්... හම්මටසිරි වෙනවා ඒක මගෙ නෙවේ බං"
"එහෙනම්"
"පොඩි එකෙක්ගෙ බං ඊයෙ මං වරුණි මිස්ව හම්බෙන්න යද්දි පොඩි එකෙක් ඇවිත් ඇඟේ හැප්පුනා ඌ ඕක දැකලා නෑ මටත් අම්බානෙක රවලා ගියා මං දැක්කෙත් පස්සෙ මං දැකලා වෙච්ච විපර්යාසෙ ප්‍රොසෙස් කරන් අනිත් පැත්ත හැරෙද්දි ඌ ගිහින් මං ඉතින් පස්සෙ අයිතිකාරයට දෙනවා කියලා අරන් ආවා"
"ආහ් ඒත් මං බැලුවා ආසාවට අකුරක් ලියන්න කම්මැලි එකා ඩයිරි ලියන්නෙ කොහොමද කියලා..."
"හී හී...ආහ් උබ ඒක බැලුවෙ නෑනෙ"
"නෑ නෑ අනුන්ගෙ ඒවා බලන්නෑ යකෝ එහෙම"
"හරි හරි ඉතින් මං බැලුවෙත් නෑ අදවත් අයිතිකාරයා හොයලා දෙන්නෝනෙ"
"ඒක හොඳයි දැනටමත් අයිතිකාරයට හාට් ඇටෑක් ඇවිත්ද දන්නෑ ඕක නෑ කියලා දැකලා"
"ඒවා කියන්න බෑ...හ්"
කොහොම හරි කවලා කාලා ඕප දූපත් හොයලා සේරමත් කරලා මං ආවෙ ඩයිරි එකේ අයිතිකාරයගෙ නමක් තියෙද බලන්න...පොත අරන් පලවෙනි පිටුව පෙරලුවත් වගේම පැන්සලකින් ඇදපු පුංචි රෝස මල් පොකුරක චිත්‍රෙකුත් එක්කම කොලේ කෙලවරේම අදාල පුද්ගලයගෙ නම තියනවා,
'යුවීන් පැහැසර දිසානායක'
'Art' ' 12B '
ඔහ් කොල්ලා 12 වසරෙද යකෝ මං හිතුවෙ 10 වසරෙ වගේ ඇති කියලානෙ...හෙනම කියුට් මූනක්නෙ තිබ්බෙ රවද්දි තවත් කියුට් හැබැයි...හෝ හෝ හෝ මොනාද මං මේ හිතන්නෙ මටත් පිස්සු හොඳම එකෙන්
"මේ මල්ලි ඔයා මොන ක්ලාස් එකේද"
" 13 Art අයියෙ"
YOU ARE READING
✨Forever yours✨
Romance✨💛...කහ රෝස මලකට පෙම් බඳින නිල් අහසක්...💙✨ ✨"A quiet bond turns into a timeless love-this is Yuveen and Thuhinu's story."✨
✨Chapter 02✨
Start from the beginning
