තිස් නවවෙනි කොටස

198 48 57
                                    

දවසකට පැය දොලහක් විතර එක දිගට වැඩ කරන්න පුරුදු වුණු මනුස්සයෙක්ට විවේකෙන් ඉන්නවා කියන එකත් මරන්නා වගේ වැඩක්....

සිනෙත්‍ර හේසර මේඝවර්ණ උදේ පාන්දරින්ම ඇහැරියේ ටවුන් එකේ ජොබ් එකට යන්න පටන් ගද්දි අතෑරලා දැම්ම පාත්ති ටික ආයෙත් එළි පෙහෙළි කරලා ගන්න......
අඩුමගාණේ ඒ වැඩක්වත් කරන්න එපැයි.....

ඒත් ඉතිං කොහොම ඇහැරෙන්නද....
එයාගෙ අත තවත් අතක් එක්ක තදින් පැටලිලා තියෙද්දි........

සීන් නිදාගෙන හිටියෙ ලියෝගෙ පිටට ඇග හේත්තු කරගෙන....
ලියෝන්ගෙ ඇග වටේට තද වුණු සීන්ගෙ අත ලියෝන් තද කරලා අල්ලන් ඉන්නෙ හරියට සීන් එයාව දාලා යයි කියලා බයෙන් වගේ....

සීන් හෙමීට අත ගලවගන්න හැදුවෙ ඈනුමකුත් යවන ගමන්.....
ඊයෙ රෑ හරි අමුතු රැයක්....
මහ අමුතු හීන ගොඩක් පෙනුනා .... ලියෝන් ...තව කවුදෝ කෙල්ලෙක්...  හරිම අපහැදිලියි...
නිකං හෝන්දු මාන්දු ගතියකුත් දැනෙනවා ...
උගුර කටත් වේලිලා වගේ නිසා වතුර ටිකකුත් බොන්න ඕනෙ වුණා....

සීන්ගෙ අත ගැලවිලා යද්දිම ලියෝන් නින්දෙන්ම ගොරවලා අත ආපහු තද කරලා අල්ලගද්දි නං සීන්ට හිනාවකුත් ගියා....

"නින්දෙනුත් අයිතිවාසිකම කියන එක නවත්තගන්න බෑ නේද... මගෙ නපුරා..... "

සීන් ලියෝන්ගෙ පිම්බිචිච කම්මුලකට එයාගෙ තොල් පාත් කරන ගමන් මිමිණුවා.....

"මට ඇහැරෙන්න ඕනෙ.. අත අතාරින්නකො බබා...ඔයා තව ටිකක් නිදාගන්න.... "

සීන් ලියෝගෙ කණට කරලා මුමුණද්දි ළාවට ඇහැරිය ලියෝ කටත් ඇද කරගෙන රැව්වා....

"නැගිටින්නම ඕනෙද ඉතිං....  "

ලියෝට රෑ මැදත් පහුවෙනකං  නින්ද යන්නෙ නෑ.... පහුගිය මාස වල වගේ නෙවේ... දැන් හුගක් වෙලා යනකං වෛශාලි නිදාගන්නෙ නෑ.....
ලියෝ කොයි තරම් හෙලවෙන්නෙ නැතුව ඉදියත් , කුස අතගාන ගමන් නැලවිලි ගී කීවත් වෛශාලි කරන්නෙ දගලන එකමයි....

සීන්ට දැනෙනවා සමහර වෙලාවට ඒක කොච්චර වේදනාකාරීද කියලා...
ලියෝ පුංචි පුංචි දේවල් වලට කේන්ති ගත්තට කෑ ගැහුවට....සීන්ව මරන් කන්න දැගලුවට කවදාවත්ම වෛශාලි නිසා එයාට අපහසුයි කියන වචනෙ කියන්නෙ නෑ.....
ජීව විද්‍යාත්මකව ලියෝගෙ විශේෂත්වයක් තිබුණත් එයාගෙ බාහිර ඇග පරිපූර්ණ පිරිමියෙක්...
ඉතින් සාමාන්‍ය දරුවෙක් ලැබෙන්න ඉන්න කෙනෙකුට වඩා හුගක් අමාරු ඇති...

රුහිරු බැදි බැමි ( ZhanYi )Where stories live. Discover now