දා හතරවෙනි කොටස

261 66 58
                                    

එදා පසළොස්වක පෝය දවස.....
හද මෝදු වෙන්නත් කලින් හවස් වරුවෙම විභූති රනා එක්ක ගෙයින් එළියට බැස්සෙ පන්සල් යනවයි කියාගෙන....

පහුගිය ටිකේ විභූති පැත්තක ඉදන් කල්පනා කරනවා දකිද්දි අම්මණ්ඩිට ඉවක් වැටුණදෝ කියලත් විභූතිට හිතුණෙ දවසක උදැහැනැක්කෙ රනාවත් අහකට කැන්දගෙන ප්‍රශ්න වගයක් අහනවා දැක්ක නිසා...

ඒ කෝක වෙතත් පහුගිය ටිකේ විභූති නේත්‍රාව මුණ ගැහෙන්න ගියේ නෑ .....
ලෙංගතුකමේ අඩුවක් නෙවේ....එදා නාඩගම්පොලේ දැක්ක දේ විභූතිගෙ හිත හෙල්ලුව නිසා...

දෙතුන් පාරක් ලෙංගතුකමේ අනන්තෙට ගියාට දරුවෙක් ගැන හාංකාවිස්සක බලාපොරොත්තුවක් විභූතිට තිබුණෙ නෑ.....
දරුවෙකුගෙ වගකීමක් ?? අම්මණ්ඩිටයි අපුච්චටයි හැමදේම කියන්න වෙයිද??
දරුවෙක් කියන්නෙ සම්පූර්ණ ජීවියෙක්.... අඩන කෑ ගහන... විභූතිව අප්පච්චි කෙනෙක් කරවන පුංචි ජීවියෙක්.....
විභූතිට බය හිතුණා...හිත වෙව්ලන්න ගත්තා..
අප්පච්චි නේත්‍රාව පිලිගනීද?
න්‍රේතාගෙ පවුලෙ උදවිය විභූතිට චෝදනා කරයිද??

"මම මහා බයගුල්ලෙක්.. මගේ එකී හිතනවා ඇති මං ඒකිව අත් හරින්ට තනනවා කියලා..."

විභූති බිම බලාගෙන කෙදිරුවේ පිටිපස්සෙන් ගාට ගාට එන රනාට...

රනා හේතුවක් නොදැනම විභූති දිහා බලලා ඔලුව හෙලෙව්වා..

"බේබි තමා මං දන්න හොදම කෙනා.. බේබි නෙවෙද පෙරේදා මහ මැණිකෙ මට තලන්ට යනකොට මාව බේරගත්තෙ...."

කොලුවා කීවෙ හිනාවෙවී... ඌට මේවයි බරක් පතලක් තේරෙනවැයි...
ඌගෙ ජීවිතේ වෙද ගෙදරයි පොඩිබේබියි කෑමයි , නින්දයි විතරයි..

විභූති ලොකු හුස්මක් අරගෙන සරමේ ගැටේක හංගන් ඉදිය පලදනාව අතගෑවා...

නේත්‍රාගෙ ගෙවල් ඉසව්වට ළංවෙනකොට අමුතු බයක් විභූතිගෙ හිතට සේන්දු වුණා....
මෙච්චර දවසක් විභූතිට දැනුනෙ සැහැල්ලු හැගීමක් වුණත් දැන් දැන් ජීවිතේ බර දැනෙන්න පටන් අරන්වගේ...

අද්වකාත් උණත් තමන් තාමත් තාත්තගෙ හෙවණෙ ඉන්න , තමන්ටම කියලා ගෙයක් දොරක් නැති මිනිහෙක් විත්තිය විභූතිට දැනුනෙ දැන් තමා....

රුහිරු බැදි බැමි ( ZhanYi )Kde žijí příběhy. Začni objevovat