විසි හතර වෙනි කොටස

257 61 46
                                    

ලියෝන් එක පාරටම ඇස් ඇරියෙ මොකුත් හිතාගන්න බැරුව.....

වටපිට බැලුවත් කිසිම දෙයක් නැති හිස් කාමරයක් ඇතුලෙ එයා හිටියෙ...
මුළු කාමරේටම තිබ්බෙ ඇදක් විතරයි.....

ලියෝන්ට මතක එකම දේ එයා හිතෙන් සීන්ට කතා කර කර අනුරුද්ධගෙ අත් වලට කඩා වැටුණා කියලා විතරයි....

ලියෝන් හොදටම කලබල වුණා.....
එයාගෙ අත් මූණ , ඇග අතගාලා බැලුවෙ තාමත් එයා කලින් හිටිය විදිහටම ඉන්නවද බලන්න...
ශාරීරික ආපදාවක් නං නෑ....
ඒත් කවුද ඇදුම් මාරු කරේ.....
කලින් ට්‍රවුසර් එකකුයි ෂර්ට් එකකුයි ඇදන් හිටිය ලියෝන් දැන් ඇදගෙන හිටියෙ කොළ පාට ඇදුමක් .....
හරියට නිකං ඔපරේෂන් එකකට පාවිච්චි කරන ඇදුමක් වගේ එකක්....

මොකද්ද මේ වුණේ... ඇයි එයාට සිහිය නැති වුණේ??
කවුරුහරි එයාට වස දීලද??
නැත්තං අර අසනීපෙ නිසාද......
සීන් කොහෙද.....

ලියෝන් ඇද උඩ ඉදගෙන වටපිට බැලුවෙ අනාරක්ෂිත ගතියක් දැනෙද්දි.....
එයාගෙ අත් මිට මෙලවිලා මූණට ආවෙ අවිනිශ්චිත බැල්මක්......
ලියෝන් හයියෙන් හුස්ම අරගෙන බය වෙන්න එපා කියලා එයාටම තරවටු කරගත්තා....

සුදු පාටින් හැමතැනම පිරුණ කාමරයක්....සිවිලිම, ඇද ,කොට්ට මෙට්ට,  ජනෙල් තිර .....
මේ හැමදේම සුදු පාටයි......
මේක හිස් කාමරයක්..... හරියට හිර කාමරයක් වගේ....
ලියෝන් මේ වගේ කාමරවලට වෛර කරනවා......
රත්මල්ගමුවට එදා ගිය දවසෙ එයාට ගරා වැටුණු වෙද ගෙදර ලග දැනුනෙත් මේ වගේම හිරවෙච්චි හැගීමක්...

ලියෝන් නැගිටලා ගිහින් දොරට ගැහුවා...අත් මිටි කරලා දොරට හයියෙන් ගහ ගහ දොරේ ලී අතර හිඩැස් වලින් එළිය බලන්න උත්සහ කරා.....
කකුලෙනුත් දොරට පාරක් ඇන්නා....

"දොර ඇරපං හොද හිතින් ...... අප්පච්චි!! අනුරුද්ධ!! මේ දොර ඇරපං මාව තරහා ගස්සන්නෙ නැතුව..."

ලියෝන් යටි ගිරියෙන් කෑ ගැහුවත් කිසි ප්‍රතිචාරයක් නෑ.....
ඒත් ලියෝන් සටන ඇතෑරියෙ නෑ..
දිගටම දොරට තඩිබෑවා... අත් කකුල් රිදෙනකම්ම.....
කාමරේ මැද තිබ්බ ඇදත් පෙරලලා දැම්මෙ හිතට ආව කේන්තිය පාලනය කරගන්නවත් උත්සාහා නොකර...

රුහිරු බැදි බැමි ( ZhanYi )Opowieści tętniące życiem. Odkryj je teraz