තිස් දෙවෙනි කොටස

185 58 45
                                    

විභූතිගෙ ඇස් බොදවෙලා.... එක අතක් නේත්‍රාගෙ අත එක්ක පැටලිලා..

රනාගෙ ලේ වැකුණු අත්ල උඩ වැතිරිලා හිටියෙ අල්ලකට වඩා චුට්ටක් ලොකුවට ඉදිය ...
තවමත් ලේ වලින් වැහුණු ඔහෑ ඔහෑ ගගා අඩන විභූතිගෙයි නේත්‍රාගෙයි පුංචි කිරිකැටියා........
එයා නිරෝගියි...... විභූතිගෙ හිත සැනසීමෙන් පිරිලා ගියා...
මෙච්චර වෙලා පපුව රිදි රිදී ඇදුම් කකා තිබුණ හැගීම අඩුවුණා....

විභූති දරුවා දිහා බල බල හිනාවෙන නේත්‍රාගෙ හිස පිරිමැද්දා.....

නේත්‍රාගෙ මූණ දාඩියෙන් , කදුළු වලින් පිරිලා.... නේත්‍රාව තියලා තිබ්බ පිදුරු  මැස්ස ලේ පාට වෙලා..... ඒත් ඒ විඩාබර මූණ අස්සෙ ලියවිලා තිබ්බෙ තෘප්තිමත් හැගීමක්...

"උඹ ඒක කලා මයෙ මැණිකෙ.... හැමදේම හරි.... හැමදේම හොදින්...මයෙ මැණිකෙට දෙවි පිහිටයි.... "

විභූති නේත්‍රාගෙ නළල ඉම්බෙ රනාත් දෙන්නම දිහා බලලා සන්තෝසෙන් හිනාවෙද්දි....

"අක්කණ්ඩි.... දරුවා....කම්බායක්... අක්කණ්ඩිට ඕන වුණු විදිහෙම කෙලි පැටියෙක් "

රනා රෝස කැටියක් වගේ පෙනුනු පුංචි දූ සිගිත්ත නේත්‍රාගෙ පපුවෙන් තියද්දි නේත්‍රා වෙවුලන අත් වලින් දරුවව තුරුල් කරගත්තා ..

හරියට ඒ මේ ලෝකේ තියෙන වටිනාම වස්තුව වගේ......

"බ..බලන්න විභූ....අපි දෙන්නගෙ වස්තුව.... අපි දෙන්නගෙ වස්තුව මේ ලෝකෙට එළිය දැක්කා...."

දරුවා නේත්‍රාට තවමත් පෙකණිවැලෙන් සම්බන්ධ වෙලා.....

රනා එයා ලග තිබුණු පුංචි පිහිය ළග පත්තු කරලා තිබ්බ ගිනි මැලේට අල්ලලා විශබීජ නැති කරද්දි විභූති මේ ලෝකෙ ලොකුම ආශ්චර්ය දිහා බලනවා වගේ නේත්‍රායි දරුවයි දිහා බලන් ඉදියා.....

ඔව් ....මේක තමයි එයා ජීවිතේට දැකපු ලොකුම ආශ්චර්යය.....
පැය දෙකකටත් වඩා වේදනාවෙන් කෑ ගැහුව නේත්‍රා ඇස් අගින් කදුළු ගලාගෙන යද්දිත් ඉවසගෙන හිටියා...
විභූතිට දරාගන්නම බෑ කියලා හිතුණ වෙලාවලදිත් නේත්‍රාගෙ හුස්ම අඩපණ වුණේ නෑ.....

රුහිරු බැදි බැමි ( ZhanYi )Where stories live. Discover now