පස් වෙනි කොටස

345 84 38
                                    


නොසන්සුන් හැගීම් හුගක් හිතට දැනෙද්දි ලියෝන් ගෙදර ආවා.....

එයාගෙ ජීවිතේ කිසි සැනසීමක් නෑ කියන හැගීම ලියෝන්ට ආයෙ ආයෙ වද දෙන්න ගත්තා...
ගේට්ටුව ළගටම වාහනේ එනවා...
ඒකෙ නැගලා ගෙදර එනවා...
ආයෙත් හොස්පිට්ල් එකට යනකන්ම ගේට්ටුවකින් වැහුණ මන්දිරයක් අස්සෙ හිරවෙලා...

ටිකක් හරි නිදහසක් තිබුණේ වැඩ කරන ටිකේ විතරයි....
අර ඔට්ටපාලු දොස්තරයා හින්දා ඒකත් නෑ....

ලියෝන් කාර් එකෙන් බැහැලා ගේ ඇතුලට ගිහින් සාලෙන් ඉදගත්තා..

කාංචනා ඇවිත් තේ එකකුත් දෙද්දි ඒකත් අතට අරගෙන ලියෝන් කල්පනා කරන්න ගත්තා...

"පොඩි මහත්තයා... මෙහෙමම කෑම කනවද... පහු වෙලා කනවද...??"

කාංචනා බයාදු විදිහට අහද්දි ලියෝන්ට පොඩි වරදකාරී හැගීමකුත් දැනුනා...
ඊයෙ මේ ගෑනිට කෑ ගැහුවනෙ....

"පහුවෙලාම කෑම කනවා කාංචනා...මේ ඒක නෙවේ... දුව එහෙම හොදින් ඉන්නවද....?? "

"ඔව් ඔව් පොඩි මහත්තයා... මේ ගිය සතියෙ තුන වසර‌ට පාස් වුණේ..."

ආපහු හැරිලා යන්න ගිය කාංචනා නැවතිලා උත්තර දුන්නෙ මූණෙ හිනා කටක් පුරවගෙන....

මේ මිනිස්සු අහිංසකයි... හිතේ තියෙන කේන්තිය මේ මිනිස්සුන්ට පිට කරා කියලා වෙන සෙතක් නෑනෙ....

තේ බීලා උඩට යන්න නැගිටිනකොටම තමා වාහනයක් එළියෙ නතර කරනවා ඇහුවෙ...

අප්පච්චි ද?? දකින්න කලින් උඩට යන්න ඕනෙ... අප්පච්චි දැක්කම ඇගේ මාළු ගගේ නටන එක නවත්තගන්න බෑ...

ලියෝන් කේන්තියෙන් හිතලා උඩට යන්න හැදුණා..

"ලියෝ අයියේ..... "

මළ උත්තයි... මෙච්චරයි මට අඩුවුණේ....
මෝහිනී ඇවිත්....

"ආ...අශී නංගි....."

"අද මම අයියා අතේ කෑමක් එව්වා..හම්බවුණා නේද.... ඔයා මෙහෙම ඇන්දම හරි හැන්ඩ්සම්නෙ.. ටයි එකකුත් දාලා..... "

අශිනි ලියෝන් ළගට ඇවිත් ඇඹරි ඇඹරි කියන්න ගත්තෙ ඇස් ලොකු කරගෙන...

ලියෝන් අශිනිව වැඩිය ගණන් නොගෙන ඉන්න හැදුවත් අශිනිට ගාණක් නෑ....

රුහිරු බැදි බැමි ( ZhanYi )Where stories live. Discover now