එකොලොස් වෙනි කොටස

290 66 26
                                    

සොකරී එන්නී සබයෙන් අවසර ගන්නී...
නැටුම් නටන්නී තාලෙට රාග කියන්නී...
පද අල්ලන්නී පියවුරු ළැම සොල්ලන්නී
කැඩපත ගන්නී සුරතින් මූණ බලන්නී...

අද මුළු ගම්මානෙම වගේ ගමේ පන්සල ළග කමතේ....දැන් රෑ බෝ වෙලා....
අද ගමට විශේෂ දවසක් ....
බොහොම කලාතුරකින්තමා ගමේ නාට්‍යයක්, නාඩගමක් එහෙම පෙන්නන්නෙ....
අද මේ හැමෝම එකතු වෙලා ඉන්නෙ සොකරි ගැමිනාටකේ බලන්න ...

හුළු අතු පත්තු කරලා හද එළිය යට රග දක්වන නාට්‍ය කණ්ඩායම දිහා ගමේ ඈයෝ ඇස් , කටවල් උඩ දාන් බලන් ඉන්නවා....
පොඩි ඈයෝ නං හතර අතේ දුවනවා...

විභූති රනා එක්ක සොකරිගෙ කවි අහ අහ ඉස්සරහම වගේ ඉදගෙන උන්නා....

"එතකොට මෙයාලා එන්නෙ පිටරට ඉදලා...?? මට එහෙම තමා තේරුණේ... "

මේ ගැමි නාටකේ ගැන ලොකු අදහසක් නැති විභූති එහා පැත්තෙන් ඈදිගෙන බලන් උන්න රනාට කෙදිරුවා...

"ඔව්.... දරුවො නැති නිසා කතරගම දෙයි හාමුදුරුවො වැද පුදාගන්න සොකරියි , ගුරුහාමියි එනවා... ඒ එන්නෙ පරයයි කාලි අම්මයි එක්ක.. ඇවිත් ලංකාදීපෙ පදිංචි වෙනවා...ඊට පස්සේ  වෙන අලකලංචි තමා නාට්ටියේ පෙන්නන්නෙ... ඉතුරු ටික බලාගන්නකො ඔය යන හැටියට.....

සොකරි කියන්නෙ විනෝදෙට විතරක් පවත්වන නාට්‍යයක් නෙවෙයි.....
සශ්‍රිකත්වය ප්‍රාර්ථනා කරලා කරන ශාන්ති කර්මයක් විත්තියත් රනා හෙමීට පැහැදිලි කරා..

"ගම්මුලාදෑනිගෙ අලුත් ලේලි වෙනුවෙන් මේක තියෙන්නෙ....
ධනවංශ මහත්තයගෙ මැණිකෙට දරුවෙක් ප්‍රාර්ථනා කරලයි මේක කොරන්නෙ..."

රනා කියද්දි විභූති ගෙ ඇස් දෙක නං යොමු වෙලා තිබුණේ කෙල්ලො කාණ්ඩේ පැත්තක ඉදගෙන හිටිය නේත්‍රා දිහාවට.....
අමිතමායායි අමිතයි දෙන්නත් අක්කණ්ඩිට එහා පැත්තෙ වාඩිවෙලා සෙල්ලමට කියව කියව ඉන්නවා....

පොඩි ඈයො පරයාගෙ වෙස්මූණ දිහා බලබල හිනැහෙනවා.....

අමිතමායා විභූතිව දැකලා හිනාවක් පෑවා.... පොඩි උන් දෙන්නට විභූතිව හුරුයි..... ඒත් නේත්‍රා නෙවේ හැරිලවත් බැලුවෙ.....
සමහර විට විභූතිගෙ අම්මණ්ඩි...වෙදගෙදර මහ මැණිකෙ අද කමතෙ ඉන්න නිසා වෙන්න ඇති....

රුහිරු බැදි බැමි ( ZhanYi )Where stories live. Discover now