හතරවෙනි කොටස

390 83 68
                                    

"නේත්‍රා....නේත්‍රා ඔහොම ඉන්න ඩිංගිත්තක්.... කොහෙදැයි මේ යන්නෙ..."

විභූති සරමත් කෙටි කරලා අල්ලන් හති දදා දුවගෙන ගිහින් නේත්‍රාගෙ එහා පැත්තෙන් හිටගත්තා...

නේත්‍රා අද ටිකක් වෙනස්......
වෙනදට දිගට දිගේ තියෙන කොණ්ඩෙ අද මිටි කරලා ගුලියකට බැදලා...
වෙනදට අදින පාට ගිය පරණ රෙද්දයි හැට්ටෙයි වෙනුවට අද ටිකක් අලුත් හැට්ටෙකට අලුත් රෙද්දක්  ඇදගෙන .....
වෙනදා තියෙන කේන්තිකාර හුරුබුහුටි පෙනුමට වඩා අද පෙනුමේ තිබුණේ පරිණත , සරාගී ගතියක්....

සිත්තරෙක් වුණු විභූතිට ඒ වෙනස හොදහැටි තේරුම් ගන්න පුලුවන්...

"ඇත්තටම උඹලට මේ පස්සෙන් එලවිල්ල ඇති වෙන්නෙම නැද්ද මං අහන්නෙ...මම මුකුත් වචනයක් නොදීත්...ඒකත් පෝය දෙකක් විතර"

නේත්‍රා රවාගෙන , තද කටහඩෙන් කීවත් ඒ කටහඩේ තිබුණු කේන්තිය ඇස් වල තිබුණේ නෑ වගේ විභූතිට දැනුනා...

"මැණිකෙ මගේ වෙනකම්ම මම පස්සෙන් එනවා.... කවදාහරි මට බහ දෙයිනෙ... "

විභූති කීවෙ දගකාර පෙනුමක් එක්ක...
විභූතිගෙ කැරැලි කොණ්ඩෙන් නළලට වැටුණු කොණ්ඩ කැරැල්ලක් දිහා නේත්‍රා බලන විදිහ විභූතිට පේනවා...
ඉතින් විභූති ඒ කොණ්ඩ කෑල්ල අතගාලා ඇස් කොණෙන් නේත්‍රා දිහා බැලුවා....

"මං උඹැහෙගෙ වෙන්න කොච්චර ආස වුණත් මේ දේවල් දුර ගියොත් වෙන්නෙ විනාසයක්මයි....අපි පෑහෙන්නෙ නෑ විභූති මහත්තයා...
අපේ අපුච්චලා වෛරක්කාරයො.... අනික මගේ ආච්චි අම්මා රොඩී රැහැක එකියක් වෙච්චි වෙදගෙදර ඇත්තන්ට පෑහෙන්නෙ නෑ...... "

නේත්‍රා කීවෙ අහක බලාගෙන....
හැගීමක් නැති කටහඩකින්....
ඒත් නේත්‍රාගෙ කටහඩේ හැංගිච්ච හැගීම්වල බර විභූතිට දැනුනා...

විභූති කැමති නෑ නේත්‍රා දුකෙන් ඉන්නවට.... එක්කො සතුටෙන් නැත්තං තරහෙන් ඉන්න එකයි නේත්‍රාගෙ පුරුදු විදිහ....

"අහස උඩු ගවන තරුරැස් වල්ලී
නළල අඩසදකි බැමතිලක වල්ලී
කරේ බන්ද රන්මුතුවැල් නො සෙල්ලී
පෙරකුඹු රජුගෙ දුව නවරත්න වල්ලී.."

රුහිරු බැදි බැමි ( ZhanYi )Where stories live. Discover now