විසි පස්වෙනි කොටස

253 60 45
                                    

නිදාගන්නවයි කෑ ගහනවයි බනිනවයි  හැර වෙන කිසිම දෙයක් කරගන්න බැරිවුණ දවස් දෙකක් ගත වෙලා යද්දි ලියෝන් දවසම ගත කරේ කාමරේ වටේට බර අඩි තිය තිය ඇවිද ඇවිද කල්පනා කරපු එක........
කල්පනා නොකරන වෙලාවට කරේ  ඔහේ නිදාගත්තු එක....

ආව ගමන් ඇදගත්ත ෂෝර්ට් එකයි ටී එකයි ලියෝන් දවස් දෙකක් තිස්සෙ ඇදගෙන...
මූණ හෝදනවා , රැවුල කපනවා වගේ දේවල් කරන්න තියා හිතන්නවත් ලියෝන්ට ඉස්පාසුවක් නෑ......
කණ්ණාඩියෙන් රැවුල වැවිච්ච  කුඩ්ඩෙක් වගේ පෙනෙන තමන්ගෙ රූපෙ දිහා බලබල දරුවෙකුගෙ සලකුණක්වත් නොපෙනෙන පැතලි බඩ අතගගා ලියෝන් කාමරේ පුරා ඇවිද්දා......

දරාගන්නම බැරිවෙලාවට චිත්‍ර කාමරේට ගිහින් සීන්ගෙ, නේත්‍රාගෙ , වෛශාලිගෙ ෆොටෝ දිහා බලන් ඉදියා..
සමහර වෙලාවට පැය ගාණක්....
ලියෝන්ට දැනුනෙ පිස්සු වගේ.....

පලවෙනි දවස නං මුළු ගෙදරටම ඇහෙන්න කෑ ගැහුවත් බඩු පොලොවෙ ගැහුවත් ඒකෙන් වෙනසක් නෑ කියලා තේරුණ තැන කුඩු වෙච්ච බඩු ටික ඔක්කොම කාමරේ කොණකට දාලා ලියෝන් නිශ්ශබ්ද වුණා.....

කෑම නං කාමරේ ඇතුලටම ලැබුණා...
ඒත් ලියෝන් බයවුණා ඒ එක කටක්වත් කන්න....කාංචනාගෙ හාවක් හූවක් නැති තැන මේ කෑමවල හොද නරක ගැන ලියෝන්ට විශ්වාසයක් තිබුණේ නෑ.....
මොන දේ වුණත් හොද සිහියෙන් ඉන්න ඕනෙ කියන මතේ තමයි ලියෝන් හිටියෙ.......

කෑම සුවදට බඩ පෙරලි කරා... ඒ බඩගින්න එයාට විතරක් නෙවේ එයාගෙ රෝසමලටත් එක්ක කියලා ලියෝන් දන්නවා... ඒත් මොනව කරන්නද.... මේ කෑම වලට සිහි නැති වෙන බෙහෙතක් දාලා තිබ්බොත්....

ඉදහිට මහන්සියටම නින්ද ගිය වෙලාවට ලියෝන් ගැස්සි ගැස්සි ඇහැරුණේ එයාගෙ හීන වල තිබ්බ දේවල් දරාගන්න බැරුව....
අප්පච්චි එයාව අමු අමුවෙ කපලා එයාගෙ රෝස මල එළියට ඇදලා දාන හැටි ලියෝන් හීනෙන් දැක්කා....

නේත්‍රා එයාගෙ අත්වල හුස්ම හැගවිච්ච පුංචි වෛශාලිගෙ ලේ ගෑවිච්ච මල සිරුර තුරුල්කරන් ඉන්න හැටිත් ලියෝන්ට දිගටම පෙනුනා....

ලියෝන් ඒ වෙලාවට මහ හයියෙන් ඇඩා වැටුණා..... ඒත් ඒ වේදනාව කාටවත් ඇහුණෙත් නෑ ....පෙනුනෙත් නෑ.... අප්පචියෙක්ගෙ ඇස් වලින් දරු සෙනෙහස දරාගන්න බැරුව වැටෙන කදුළු තේරුම් ගන්න පුලුවන් කවුරුත් මේ ගෙදර හිටියෙත් නෑ....

රුහිරු බැදි බැමි ( ZhanYi )Where stories live. Discover now