" නිර්නාමික -41 "

66 16 5
                                    

ආධිල් : සොරි !

නිරාශා : මට රොටියක් අරං දීපන් .

ආධිල් : උඹ යාළු වෙනවනම් රොටී කඩයක් අරං දෙන්නම්කො මැණිකෙ . නැද්ද තුහින ?

තුහින : මෙන්න මෙහෙ යමන් .

ඊට දවස් තුනකට විතර දවල් කැම්පස් එකේදි ආධිල් ශේප් එකේ නිරාශව යාළු කර ගත්තෙ දවස් තුනක්ම උදේ ඉදන් හවස් වෙනකන් පස්සෙන් ගිහින්.  කෙල්ලෙක් යාළු කර ගන්න පස්සෙන් යන එක මීට වඩා ලේසි වෙයි කියලා තුහින කලින්ම ආධිල්ට කියලා තිබ්බා. නිරාශා කෙලීගෙත් අලි ලොකුකමනෙ ඉතින් .

කැන්ටිමට ගිහින් රොටියක් කාලා ප්ලේන්ටියල් බීලා තුන් දෙනත් එක්කම ආයෙ කයියක් ගහන් ඉදියෙ කැම්පස් එකේ අවුරුදු උත්සවේ ගැන . නිරාශා නම් එන්න උඩ පැන පැන ඉදියත් ආධිල් ඉදියෙ තමන්ට announcement භාර දුන්න එකේ තරහට දුම් දදා . ඕවා ඉතින් පතාගෙන ආව දේවල් . තුහිනට නම් මේ වෙනකන් මරාලයක් සෙට් වෙලා නොතිබ්බ නිසා මේ ටිකේම ආධිල්ගෙන් ලැඹුණෙ පුදුමාකාර වදයක් . අවුරුදු උත්සවේ පටන් ගන්න ආයුබෝවන් කියන එකේ ඉදන් ඉවර වෙලා ස්තූතී කියන එක වෙනකන්ම මුළු Announcement script එකම ලියන්නයි ප්‍රසන්ට් කරන්නයි තිබ්බෙ ආධිල්ට . ඒක ප්‍රසන්ට් කිරිල්ල පැත්තකින් තියමුකො . උදේ ඉදන් හවස් වෙනකන් ආධිල් කියන වචනයක්  ගානෙම ගලපලා script එක ආධිල් කියන විදියට ලියන්න උණේ තුහිනට.  ඒ මදිවට ආධිල්ගෙන් බැනුමුත් අහන්න උණා .

නිරාශා : ඉතින් උඹ කියපන් බෑ කියලා .

ආධිල් : කොහොම කියන්නද බං . මුන්ට මොකක් හරි මගුලක් තිබ්බොත් මාවනෙ ඕන වෙන්නෙ .

තුහින : ජූනියර් කෙනෙක් බලලා දෙමු බං . අපි බැජ් කෝඩිනේටර්ටත් කියලා බලමු. 

නිරාශා : උඹට කක්කල් කැස්ස කියලා කතා කර ගන්න අමාරුයි කියමු . නැත්නම් සෙංගෙඩිවත් කියපන් .

ආධිල් : මේකිගෙන් උපදෙස් ගත්තොත් මට වීසා නැතිවම අංගොඩ යතෑකි .

නිරාශා : මේ තුහින ? අංගොඩ යන්න වීසා ඕනෙද ?

තුහින : ඔව් ඔව් ඕනා . උඹ ඩොක්ටර් කෙනෙක් නොවී ඉදියනම් ලොවට කෙසේවෙතත් අපි දෙන්නට හොදයි .

NIRNAMIKA | සිංහල | (Anonymous)Where stories live. Discover now