" නිර්නාමික -40 "

63 14 7
                                    


ආධිල්ට එක්සෑම් තිබ්බෙ දවල් . එයා එද්දි තුහින ගෙදර ගිහින් හිටියෙ . නිරාශලාට එක්සෑම්ස් තියෙන්නෙ සාමාන්‍යෙන් සතියෙ අන්තිම දවස් දෙක තුනේ උදේ හවස . ඒ වෙද්දිනම් ආධිල්ටයි තුහිනටයි එක්සෑම් භීතිකාව ඉවරයි . ඒ නිසා මේ වෙලේ ආධිල් ඉදියෙ තනියම . උදේම කැම්පස් එකට යද්දි දැනෙන ඒ ෆ්‍රෙශ් ගතිය ආධිල්ට දැන් දැනුණෙ නැත්තෙ අවුව සැර නිසා වෙන්නැති .  අවුරුද්දට තුහිනලගෙ ගෙදර යනවයි කිව්වට මොකද ආධිල්ගෙ හිත කිව්වෙම අවුරුද්දට ගිහින් අම්මවයි නන්ගිවයි තාත්තාවයි බලලා වරෙන් කියලා . තුහිනත් ඒ ගැන තමන්ට කිව්වා කලින්ම . ඒත් ආධිල්ගෙ හිත කිව්වෙම එයා නිසා අවුරුද්දට තාත්තාගෙ මූණ නරක් වෙලා තිබුණොත් ඒක හැමෝටම හිතට වදයක් ගෙනෙයි කියලා .
පැය පහ හයක්ම පේපරේකට හිර උණ ආධිල් ගෙදර එද්දි හවස හයාමාරට විතර කිට්ටු කරලා තිබ්බෙ . එක්සෑම් ඉවර වෙද්දි පහයි කාල විතර උණ නිසත් ඒ වෙලාවට කොළඹ ඉදන් නුගේගොඩට එන්න හයිලෙවල් පාරෙ තියෙන ට්‍රැෆික් එක නිසත් අද වෙනදට වඩා පරක්කුයි . වෙනදනම් මේ තරම් පරක්කු නොවෙන නිසා ඉක්මනින් ගෙදර එනවා කොහොම හරි . ආව ගමන් අනිත් පැත්තට වොශ් දාගෙන ආධිල් උදේ හදලා ෆ්‍රිජ් එකට දාලා ගිය කෑම ටිකත් අරගෙන රත් කරගෙන බඩට දා ගත්තා . තිබ්බ මහන්සියට තව ටිකක් වෙලා ඉදලම පාඩම් කරන්න හිතා ගෙන ආධිල් ෆෝන් එකත් අරං ගිහින් ඉස්සරහ දොර ළග බිමින් ඉදගෙන උළුවස්සට හේත්තු උණේ තුහිනට කෝල් එකක් ගන්න ගමන්.

තුහින : හලෝ... ආහ් ආධිල් කොහොමද ඔයාගෙ එක්සෑම් එහෙම ?

ආධිල් : අවුලක් නෑ තුහින . ඔයාගෙ ?

තුහින : ශේප් එකේ ලිව්වා . ඒක නෙවෙයි.... මොකෝ නිකං සද්දෙ බැහැලා වගේ . මොකද උණේ ?

ආධිල් : නෑ මේකයි.... උඹත් එදා කිව්වනෙ අම්මලව බලන්න ගමේ යන්නයි කියලා . ඒත් මං අවුරුදු වලට ගෙදර ගියාට පස්සෙ තාත්තා මූණ අවුල් කර ගත්තහම මොන අවුරුදුද තුහින ?

තුහින : ආධිල් . හැමෝගෙම දෙමව්පියෝ එක සමාන නෑ තමයි . ඒත් අපේ දෙමව්පියෝ මොන විදියෙ අය උණත් අපි අද මෙතන ඉන්නෙ එයාලා නිසා . ම්ම්...? අපිට බැහැ එයාලට මොකුත් කියන්න.  අපිට බෑ එයාලව හදන්න . අපිට පුළුවන් වෙන්නෝන එයාලාව දරාගන්න .

NIRNAMIKA | සිංහල | (Anonymous)Where stories live. Discover now