LAST CHAPTER ❤🥀

94 14 6
                                    

ජානුගෙ මරණයත් එක්ක ආදි තනිකමට හුරුවුනත් ටිකෙන් ටික කාලය ගතවෙත්ම ආදිට ජානුගෙ ඉල්ලීම් මතක් වෙලා ආපහු පරණ ආදි වෙන්න පටන් ගත්තනේ... ඉතින් අවසාන  කොටස එතනින් එහාට 😁💗...

🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋

AUTHOR  POV...

මෙහෙම කාලය ගත වෙද්දි..  ආදිට ඒලෙවල් විභාගෙත් ලන් උනා...  ඉතින් ආදි මොන ප්‍රශ්නෙ ආවත් හොදට මහංසි වෙලා අවසාන කාලෙ  හොදට විභාගෙ කරා.. එයාට ඒ හැමදේටම හයියක් උනෙ සකු.. එයත් දැන් ඉස්සර හිටියා වගෙ පොඩි බබෙක් වගෙ හැසිරෙන්නෙ නෑ. වගකීමක් දරන්න පුළුවන් කෙල්ලෙක් විදිහට හැසිරෙන්නෙ. මොකද ආදි අර කාලෙ මානසිකව වැටිලා ඉද්දි එයා ලගින්ම ඉදන් හැමදේම කරෙ සකු නිසා. පුදුමයකට ද මංදා සකුගෙ තාත්තාවත් ආදිගෙ ගෙදරින්වත් කවදාවත් ඒයාලා එකට ඉන්න එකට අකමැත්තක් පෙන්නුවෙ නෑ. එයාලා හරියට හිටියේ එකම ගෙදර ඉන්න අක්කයි නංගියි වගෙ...  ඒක ආදිට ලොකු ශක්තියක් උනා.. ආදි අඩද්දි කවදාවත් සකු ආදිට අඩන්න එපා කියලා නෑ. හැමතිස්සෙම එයා කරෙ රෑ වෙලිවෙනකම් උනත් අඩන්න  දීලා එයාව තුරුල් කරන් සනසපු එක. සකුට දැන් දැන් ආදි ගැන ආදරයක් මෝරන්න පටන් අරගෙන තිබ්බත් සකු ඒක හංගන් හිටියෙ ඒක කියන්න දැන් වෙලාව නෙමෙ කියලා දන්න නිසා. ( එකඅතකට සකු කියන්නෙ හොද ආදරවන්තියක් නැත්තම් තමන්ගෙ යාළුවා නැති වෙලා මෙහෙම ඉන්න කෙනෙක්ව තේරුම් ගන්නෙ නෑ නෙ ලේසියකට ) මොන දේ උනත් සකුගෙයි ආදිගෙයි අතර දෙන්නට දෙන්නා ගැන හොද විශ්වාසයක් වගෙම තේරුම් ගැනීමක් තිබ්බා.. ආදි විභාගෙ ලියද්දිත් සකු හිටියෙ ආදිගෙ ගෙදර නැවතිලා. ඒ දවස් ගානෙම ආදි පාඩම් කරන්කම් සකුගෙ වැඩෙ ආදිගෙ ලගට වෙලා නැත්තම් ආදිගෙ ඔඩොක්කෙට වෙලා ආදිගෙ ඔලුව අතගාන ගමන් එයාට තුරුල් වෙලා ඉන්න එක. ආදිට තනිකමක් පාළුවක් නොදැනෙන එක නවත්තන්න සකු එයාට පුළුවන් හැමදේම කරා. ඒ තත්වෙ මත ආදි එයාගෙ විභාගෙ වැඩ ටික හොදට කරගත්තා. විභාගෙන් පස්සෙ ආදි සකුගෙ වැඩ වලට උදව් කරෙ දැන් සකු දහය වසරෙ නිසා..ඉතින් හැමදේම මේ විදිහට හොදින් ගලාගෙන ගියා....
..
.
.
.
.
.
.
.
.

ආදිගෙ  රිසාල්ට් එන දවසත් ආවා.. හෙට රිසාල්ට් එන නිසා සකු අද ආදිලාගෙ ගෙදර නැවතිලා හිටියෙ. දැන් ආදි පරණ ආදිම වෙලා. හැබැයි ජානුව තාමත් එයාගෙ මතකෙන් අයින් කරන්න කාටවත් ම බෑ. දැන් ආදි සකු එක්ක හරි ආදරෙන් කාලෙ ගතකරනවා. එයා එක්ක විනෝද වෙනවා. මේ දිහා බලන් ඉදපු ආදිගෙ අම්මටත් හරිම සතුටුයි. කන්නෙ බොන්නෙ නැතුව ඉදපු තමන්ගෙ දුවව මේ තත්වෙට ගෙනාවෙ සකු නිසා. ආදිගෙ අම්මත් සකුට මාර විදිහට ආදරෙ කරා.

You've reached the end of published parts.

⏰ Last updated: May 11 ⏰

Add this story to your Library to get notified about new parts!

WHAT IS LOVE  😊❤🦋  [Complete ] Where stories live. Discover now