chapter 13

63 13 6
                                    

Author pov...

කාලය ටිකෙන් ටික ගෙවිලා ගියා..
ආදිත් සකුත් ඉස්කොලෙට ගිහින් හැමෝම හම්බෙලා ආවා. මේ ගෙවෙන්නෙ තමන්ගෙ ජීවත් අවසාන දවස් කිහිපය කියලා දන්න ජානු එයාට පුළුවන් උපරිමෙන්  ආදි එක්ක ජීවිතේ වින්දා. එකට ඇවිද්දා, කෑවා බිව්වා, සෙල්ලම් කරා. ඒ මොනවා කලත් ජානුගෙ හිතෙ හැමතිස්සෙම තිබුණ ඒ  වේදනාව ජානු කාටවත් ම පෙන්නුවෙ නෑ. ටිකෙන් ටික ජානුට අමාරු වෙන්න ගත්තා. එයාට නැගිටගන්නවත් බැරි තරමට. මේ හැමදේම එක්ක ආදි මානසිකව වැටෙන්න ගත්තත් සකු ආදිව ශක්තිමත් කරා. ආදි වගේම සකුත් පුළුවන් හැමවෙලාවෙම ජානුගෙ ලගින්ම හිටියා. ඒත් හැමදේටම වෙලාවක් තියෙනවා නෙ. ඉතින් මලක් වගෙ ඉදපු ජානුට දැන් පරවෙන්න වෙලාව ඇවිල්ලා.

රෑ ජානු ගාව නිදාගෙන හිටපු ආදිට එකපාරම ජානු හුස්ම ගන්න අමාරුවෙන් ඉන්නවා වගෙ දැනුනා. ජානු ඉක්මන්ට ඩොක්ටර් කෙනෙක්ට කතාකරන්න යන්න හැදුවත් එයාව ජානු අතින් අල්ලන් නවත්තලා ගොත ගහමින්...

ආ...ආදි... ම..මට ස්..සමාවෙන්න.. මට මට යන්න වෙනවා.. ආ.. ආදි.. මං ..ඔ..ඔයාට.. ග්.ගොඩාක්.. අ.ආදරෙයි.. මං ..ඔය්.ඔයාට l..lover ක්..කෙනෙක් වි..විදිහට ...ආදරෙයි...

මාත් ආදරෙයි මගෙ මැණික මං ගොඩාක් ආදරෙයි. පොඩ්ඩක් ඉන්න මං ඩොක්ටර් කෙනෙක් එක්කන් එනකම්. රත්තරං අතහරින්න මං ඉක්මන්ට එන්නම්..

ජානුට තිබ්බ අන්තිම ශක්තියත් දාලා ආදිව ලගට ගත්ත ජානු ආදිගෙ තොල් හිමින් සීරුවෙ අල්ලගත්තෙ.. ආදිවත් පුදුම කරවමින්.ඒත් ජානුගෙ හිත රිද්දන්න බැරිකමට ආදිත් ජානුව ආදරෙන් සිපගත්තා. ආදිට ජානුව එයාගෙම සහෝදරියක් උනාට.ජානු මෙච්චර කල් ආදරෙ කරත් ඒක ආදිට නොකිවෙ ආදි සකුට ආදරෙ බව දන්න නිසාමයි.අන්තිමට කොහොම හරි ජානු එයාගෙ ආදරෙ ආදිට කිව්වා...

ආදි.. ම..මට ස්..සමාවෙන්න..

ජානු.. මගෙ ජානු..
ඩොක්ටර් ... අනෙ නර්ස් ඉක්මන්ට එන්න.. ඩොක්ටර්.. ඩොක්ටර් අනෙ මගෙ ජානු අනෙ මගෙ ජානුට අමාරුයි ඩොක්ටර් අනෙ ඉක්මන්ට එන්න..

ඩොක්ටර් රාගව.... එන්න අර ලෙඩාට අමාරුයි ලු.. ඉක්මන්ට යමු..

ආදිව සිපගෙන අයින් උන ජානු ආදිට සමාවෙන්න කියනවත් එක්කම ඇදට කඩාගෙන වැටුනෙ හරියට දිරච්ච ගහක් පොලවට ඇදන් වැටෙනවා වගෙ..  ඒ එක්කම කෑමොර දීලා ආදි එලියට දිව්වෙ ඩොක්ටර් කෙනෙක්ව හොයන්න. සකුව ඉක්මන්ට චෙක් කරන්න ගත්ත ඩොක්ටර්ස්ලා ආදිව එලියෙන් තිබ්බෙ ආදි කලබල වෙලා දගලන නිසා.

WHAT IS LOVE  😊❤🦋  [Complete ] Where stories live. Discover now