Chapter 09

79 12 4
                                    

ආ ආදි මොකො වෙන්නෙ බොසා දැන්.. හොදින් ඉන්නවද. කෑල්ලක් එහෙම සෙට් වෙලාලු නේ. අපිට පාටියක් දියන් ආහ්.

අනෙ නෑ බං කවුද කිව්වෙ.

කිව්ව එකා වැඩක් නෑ නෙ උබට. හෙට එද්දි මොනාහරි ගෙනෙන් නැද්ද බං.

ඒකතමයි ඒකතමයි. මෙච්චර එකට හිටපු අපිට හොරෙන් උබ සෙට් කෙල්ලෙක් එක්ක උනානෙ. බොරුව උබලගෙත්.

අනෙ එහෙම නෑ බං.

මොන සෙට් ද බං මෙකි ඒකපාර්ශවිකව එකිට ආදරෙ කරනවා විතරයි බං. එකිට ඔව්වා තේරෙන්නෑ පොඩි කෙල්ලෙක් එකි. අනික උබලට මොකද ආහ් මෙයා සෙට් උනත් නැතත් පාඩුවෙ ඉදහන්කො වද නොදි..

අම්මො අම්මො. කොටියට බනිද්දි ඇවිස්සෙන්නෙ කොටිදේනුවනෙ බං.. මේ බලහන්කො ජානුට යන කේන්තිය ආදිට බනිද්දි.

අම්මො ජානු කමෝන් කමෝන්.

ආදි pov...

බස් එකෙ පරණ යාළුවො ටිකක් හම්බෙලා කතාකරද්දි සකු ගැන එයාලා මට හින්ට් ගැහුවා. ජානු හිටියෙ වෙලාවට නැත්තම් උෆ්ෆ්.. අනෙ මංදා. මං බස් එක පුරාවටම එතනින් එහා වචනයක්වත් කතා නොකර ආවෙ හිතෙ තියෙන දුකටයි තරහටයි මට ඇඩෙවි කියලා තියෙන බයට.

ඇත්තටම ජානු ඉන්න එක මට හයියක්. හැමලමයෙක්ටම හම්බවෙන්න ඔනෙ ජානු වගෙ යාළුවෙක්. හෙමින් හෙමින් බහින තැනත් ආව නිසා මං ජානුට බායි කියලා ගෙදර ආවෙ සකුට මැසෙජ් එකක් දාන්න හිතන්. ඇත්තටම කෙල්ල දැන් මොනා හිතනවා ඇතිද. මං එක්ක තරහාවෙලාද කියන්න මං දන්නැ.

ජානු pov...

බස් එකට නැග්ග වෙලේ ඉදන් යාළුවො ආදිට සකු ගැන කියලා විහිළු කරන එක බලන් ඉන්න බැරි තැනම මං මැද්දෙන් පැනලා උත්තර දුන්නෙ. මොනා උනත් වෙන කෙල්ලෙක් ගැන ආදිට කියනවට මං අකමැති නිසා. යාළුවො කිව්ව කොටිදේනුව කතාවට හිතෙ කොනකින් සතුටක් දැනුනත් අනික් අතට දුකක් දැනුනේ ආදි කොහොමත් මගෙ නෙමෙ නිසා.
මං මේ ලෝකෙ අකමැතිම දේ වෙන්නෙ ආදි බස් එකෙන් බහින වෙලාව. ඒ වෙලාවට ආදිව බදාගෙන යන්න එපා කියලා කියන්න හිතුනත් හිනාවෙලා පරිස්සමෙන් යන්න කියන්න වෙනවනෙ....

WHAT IS LOVE  😊❤🦋  [Complete ] Where stories live. Discover now