CHAPTER 07 ❤🦋

151 24 8
                                    

තාත්තා කෝල් එකක් ගත්ත නිසා නැගිටලා ගිහින් ආන්ස්වර් කරද්දිත් නැන්දයි මාමයි ඇවිල්ලා හිටියා.. කලින් උන දේත් එක්ක අක්කි දිහා බලන්න ලැජ්ජාවක් ආවත් කිසි දෙයක් නොවුන ගානට මං හිටියා..

මොකක්.. අනේ තාත්තේ.. දැන් ම එනවද.. ? මොකද්ද අනේ හවස් වෙලා එන්නකො.

බෑ දුව හවස එන්න බෑ මං වැඩනෙ දරුවො තේරුම් ගන්නකො..

හ්ම් එහෙනම් තාත්තා එන්නකො.. මං බඩු ලෑස්ති කරගන්නම්..

සකු කෝ දෙන්න මං තාත්තට කතාකරන්න..
හෙලො අංකල්.. මං ආදි.. අනෙ අංකල් සකුව අදත් මෙහෙ තියන්නකො.. හෙට එක්කන් යන්න පුළුවන් නෙ.. මේ සකුට ඉස්කෝලෙ වැඩ වගයක් මං කියලා දෙනවා. ඉතින් එයාටත් හිටියනම් හොදයිනෙ..

ම්ම් දුව.. එහෙම බෑනෙ දරුවො.. මායි සකුයි විතරයි නෙ ඉන්නෙත්. සකු නැතුව මට ඉන්න බෑනෙ දුව..

අනෙ අංකල් අද විතරයි නෙ අංකල්.. සකුව මෙහෙ තියන්නකො..

අක්කි දෙන්නකො.. ආනෙ තාත්තෙ.. අපි ගනන් පාඩමක් ඉගෙන ගන්න ගමන් හිටියෙ.. අනෙ තාත්තා අද විතරක් මෙහෙ ඉන්න දෙන්න. මං පොරොන්දු වෙනවා හෙට ඉදන් සතියක් මං ගෙදර හැම වැඩක්ම කරලා.. පාඩනුත් කරනවා කියලා අනෙ තාත්තෙ..  ( හනෙ හනෙ ඉතින් අපිනෙ දනෙ ගනන් පාඩම ගැන 😅 )

හ්ම්.. එහෙනම් හරි. පොරොන්දුව මතකයිනෙ හෙට ඉදන් සතියක්.එහෙනම් මං තියන්නම් දරුවො මට පරක්කු වෙනවා... බුදුසරණයි දුවෙ පරිස්සමෙන් මගෙ රත්තරං..

අනෙ තෑන්ක්ස් තාත්තෙ... බුදුසරණයි තාත්තෙ.. ගොඩාක් ආදරෙයි. පරිස්සමෙන් තාත්ති..

ටීක්... ටීක්...

යේහ්.... අදත් මං ඉන්නවා යෙහ්...

අම්මෙ සකු අදත් මෙහෙ ඉන්නවා කමක් නෑ නේද...

ඕක මොකද්ද ලමයො. ඔය දරුවා හැමදාම හිටියත් මොකොවෙන්නෙ.. ඉන්න කියන්න අනෙ.. මං කෑම ලෑස්ති කරන්නම් එතකම් දෙන්නා නාගෙන එන්න.

මැණිකේ මගේ හිතේ....
මුදු ඒ නුරා හැගුම් යාවී...

දුව මොකද ඔය කටවහන් නාගෙන එන්න ඔය ලමයා එක්ක..

WHAT IS LOVE  😊❤🦋  [Complete ] Where stories live. Discover now