Chapter 04 😉❤🦋

122 23 22
                                    

11.30 a.m

ආදි අක්කෙ...

අහ්.. ම්ම් ඔව් පැටියො කියන්න..

මොකො මේ ඔයා බයවෙලා වගෙ ම්ම්..ප්‍රශ්නයක් ද මගෙ අක්කිට.

ම්ම්.. එයාලා ප්ලෙ කරලා ඉවරයි. එයාලා ලකුනු 275 අරන් මට බයයි අපිට පුළුවන් වෙයිද කියලා.. කැප්ටන් විදිහට මට ලොකු වගකීමක් තියෙනවා. ඒ නිසාමද මංදා මගෙ හිතට හරි බයයි.

කෝ දැන් හැමදේම හරි. ඔයාලට පුළුවන්. ඔයාට බැරිනම් කාටවත් බෑ. හරි ද.. දැන් කලබල නොවි හොදට සෙල්ලම් කරලා නංගි ව ආඩම්බර කලන්න කෝ දැන් දුවන්න මගෙ වැඩ්ඩහ්...

අහ්.. සකු.. හරි ම.. මං අනිවාරෙන් ද් දින් දිනන්නම්..

සකු pov...

අනෙ පවු මගෙ අක්කා. විරුද්ද ටීම් එක ගොඩාක් ලකුනු අරන් තිබ්බ නිසා ද දන්නැ එයා හොදටම නොසන්සුන් වෙලා... මං ඉතින් එයාව බදාගෙන එයාගෙ පිටට තට්ටුවක් දාලා එයාව සැනසුවා. අනෙ මං බදාගත්තා විතරයි මගෙ ගොන් අක්කා ගොතගහන්න ගත්තා. මං හිතන්නෙ එයාව කෙනෙක් බදාගත්ත පලවෙනි පාර මේක වෙන්න ඇති.. හිතින් අක්කා ගැන හිත හිතා මං මැච් එක බලන්න යාළුවො එක්ක ස්කෝලෙ කොට්ටම්බා ගහ යටට ගියා..

ඒයි.. ආන් අර එන්නෙ ආදිගෙ කෙල්ල නේ බං.. අර බලහන්කො..

ඔව් බං එකි තමා.. එකිගෙ නම සකු ලු නෙහ්..

කොහොමහරි එකි ආදිව අල්ලගත්තනෙ.. අපරාදෙ බං ශිට්..

ඔව් බං මොනා උනත් එකි ලස්සනයි ඉතින් ආදි අහුනොවි ඉදිවි ද..

හහ් හහ් හා ඔව් ඔව් උබ හරි...

අපි එතනට එනකොට කට්ටියක් හිමිට මං දිහා බලාගෙන කියපු කතාවට මං පුදුම උනා.. ආදිගෙ කෙල්ල මං මොකක්.. එයාලට විකාර කෙල්ලෙක් කොහොමද තවත් කෙල්ලෙක්ට ආදරෙ කරන්නෙ. එයාලා කියන්නෙ මං ආදි අක්කව අල්ලගත්තා කියලා. ඒත් මං එහෙම මුකුත් කරෙ නෑ නෙ.. අනෙ මංදා.

යේහ්.. ඕයේ..

අඩෝ.. සකුරා... ආදි අක්කා හුරෙ... ආදි අක්කා 100 ගැහුවා. යේහ්...

අහ් මොකක්.. ඇත්තටම ද.. යේ මං දන්නවා මගෙ අක්කා වැඩ්ඩා දැක්කනෙ..

ඒකනෙ ඒකනෙ උබෙ අක්කා වැඩ්ඩා.. ශුවර් මෙදා පාර දිනන්නෙ අපි..

මං කල්පනා ලෝකෙ ඉද්දි මගෙ අක්කි ලකුනු සීයකුත් ගහලා උෆ්. මං දන්නවා කොහොමත් මගෙ අක්කා වැඩ්ඩා කියලා..

කොහොමින් කොහොම හරි අවසානෙ 276/2 විදිහට අපෙ ටීම් එක වින් කරා. හොදම දේ කියන්නෙ හොදම පන්දුයවන්නා, හොදම පිතිකරනය ඒ සම්මාන දෙකම හම්බුනෙ මගෙ ආදි අක්කට. ඉතින් මට කොච්චර ආඩම්බරයි ද... අක්කා දුවගෙන ඇවිත් මාව බදාගත්තා. අපි හයියෙන් කෑගහලා සිංදු කියලා නැටුවා..

ආදි pov..

මැච් එකෙ බාගයක් යද්දි. මගෙ හිතට මාර බයක් ආවෙ. ඒත් සකු ආවට පස්සෙ හිතෙ බය අඩුවුනා.. ඒ එක්කම සකු මාව බදාගත්තා. අහ් මට තාම විශ්වාස නෑ. එයාගෙ උනුසුම සුවද. ආහ්...මං වශි උනා. කොහොමින් කොහොම හරි අපි මැච් එක වින් කරා. මට සම්මාන දෙකක් හම්බුනා. මං දුවලා ගිහින් සකුව බදාගෙන සතුට සැමරුවා.. මෙහෙම ටිකෙන් ටික කාලය ගෙවිලා ගියා.. ඒත් එදායින් ඒ හැමදේම වෙනස් වෙන්න ගත්තා..

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

ඉතින් ලමයි ක්‍රිස්මස් එකට තෑග්ගක් විදිහට තමා මේ කොටස ගෙනාවෙ....
ඔයාලා මොකො හිතන්නෙ එදා.මොකක් වෙන්න ඇතිද..? 😕
මොනාද වෙනස් උනේ.. ?

මං ඉක්මන්ට මේක ඉවර කරන්න ද නැත්තම් දිගට ලියන්න ද 😑👀


WHAT IS LOVE  😊❤🦋  [Complete ] Where stories live. Discover now