තිස් හයවෙනි කොටස

208 57 42
                                    


හොද නින්දකට පස්සෙ ලියෝන් ඇහැරියේ සීන්ගෙ තුරුල්ලේ....
ලියෝන් පැත්තට හැරිලා සීන්ගෙ අත් ගොබේ උඩ ඔලුව තියාගෙන... .....
සීන් එයාව  පිටිපස්සෙන් බදාගෙන...
අනෙක් අතින් ලියෝන්ව තුරුල් කරගෙන.....
ලියෝන්ට දැනෙනවා සීන්ගෙ හුස්ම එයාගෙ බෙල්ල පිටිපස්සට දැනෙන හැටි.....

"සීන්... බබා... නැගිටින්න....  මට වොෂ්රූම් යන්න ඕනෙ....."

සීන් ළාවට කෙදිරි ගාලා හරියට කවුරුහරි හීනෙන් ඇවිත් ලියෝන්ව උදුරගනියි වගේ එයාව බදාගත්තා.......

" සීන්.... "

"හ්ම්...ඉන්න ඉතිං... තත්පර දහයක්... "
සීන් මුමුණද්දි ලියෝන් ඒ උණුහුම අස්සෙ තව චුට්ටම චුට්ට වෙලාවකට ඇස් පියාගත්තා....
සීන් ළගින් දැනෙන ආරක්ෂාවයි ආදරයයි අස්සෙ ලියෝ ට අතරමංවෙලා වගේ හිතෙනවා....
හුග කාලෙකට පස්සෙ තමයි දෙන්නටම ඊයෙ ගෙව්වා වගේ ශෘංගාරයෙන් පිරුණු දවසක් ගෙවන්න ලැබුණේ..........
සීන්ගෙ ආදරේ සලකුණු තාමත් එයාගෙ පපුවෙයි අත් කකුල් වලයි දකිනකොට ලියෝන්ට දැනෙන්නෙ අමුතූ හැගීමක්....
ලියෝන්ගෙ විතරක් නෙවෙයි සීන්ගෙත් බෙල්ල ළග ලියෝන් අයිතිය පල කරපු සලකුණු....

දෙන්නම ඊයෙ ටිකක් වැඩිපුර රොමැන්තික වුණාදෝ මන්දා....
ඉස්සර වගේ නෙවෙයි .....සීන් එයා ඉස්සරහා හරිම මෘදුයි... ලියෝන්ව වැරදියට ඇල්ලුවත් බිදිලා යයි වගේ හරි පරිස්සමෙන් තමයි එයාව එහෙමෙහෙ කරන්නෙ පවා .....

වෙන වෙලාවක නං ලියෝන්ට තරහා යන්න තිබ්බා... එයා  දුර්වලයෙක් නෙවෙයි කියලා රණ්ඩු කරන්නත් තිබ්බා.....
ඒත් ලියෝන් දන්නවා දරුවට පුංචි හරි තිගැස්මක් වෙනවට සීන් අකමැති නිසයි එහෙම කරන්නෙ කියලා....
ලියෝන්ට ඒ හැගීම හොදටම තේරෙනවා....
මොකද දවසෙ පැය විසි හතරෙන් වැඩි කාලයක් ලියෝන් හිතන්නෙත් වෛශාලිගෙ පරිස්සම නිසා.....
එයාගෙ පුංචිරෝස මල දරන් ඉන්න එක කොයි තරම් භාරදූර දෙයක්ද කියලා ලියෝන්ට තේරෙනවා....

වෙලාවකට මේ හැමදේම දරන්න බෑ කියලා දැනෙද්දි පවා ලියෝන් ඉවසගෙන ඉන්නෙ එයා ළගදිම දකින්න බලාපොරොත්තු වෙන පුංචි කිරිකැටියව දෝතට අර ගන්න... ඒ පුංචි රෝස මල එක්ක අසීමාන්තිකව ආදරෙන් බැදෙන්න තියෙන නොඉවසිලිමත්කම නිසාමයි.....

රුහිරු බැදි බැමි ( ZhanYi )Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα