ආදි... happy birthday  මැනික.
අහ්..

කන පිටිපස්සෙන් ඇහුන කටහඩ එක්ක මං ගැස්සුනා. මේන් මේකි කොන්ඩෙ කපලා.

ඕයි ජානු. තමුසෙට පිස්සුද ඕයි. බලනවා මොකද්ද මේ කරගෙන තියෙන්නෙ. ශිට් මට කලින් කිව්වෙත් නෑ තමුසෙ. කතාකරන්න එපා මං එක්ක.

අනෙ ආදි... මට සමාවෙන්න මං හිතලා නෙමෙ කැපුවෙ ආදි. මට සමාවෙන්න. මං හැමදේම කියන්නම් ආදි. මගෙ ආදි මට සමාවෙන්න.

අනෙ ජා අඩන්න එපා කෙල්ල. මං ඉන්නවනෙ හැමදේටම කෝ දැන් හිනාවෙන්න.මගෙ මෝඩ කෙල්ලනෙ. කෝ උපන්දිනේ දවසෙ අඩවන්න එපා රත්තරං මාව. කෝ ඔය කදුලු පිහදගන්න.

ඇස්වල කදුලු පුරවගෙන ජානු මුමුනද්දි මට දරාගන්න බැරි උනා. දුකෙදි සැපේදි මං එක්ක මෙච්චර ආදරෙන් හිටපු එකි අඩද්දි මං කොහොම දරාගන්නද.

ඉස්කොලෙට වෙනකම් කියව කියව ආපු අපි දෙන්නා. ඉස්සෙල්ලම ගියෙ සකුට කේක් දෙන්න.

නංගි.. සකු නංගි ආවෙ නැද්ද තාම...

ආ.. ආදි අක්කෙ happy birthday. අනෙ නෑ ආදි අක්කෙ. සකු තාම ආවෙ නෑ ඇයි අක්කෙ හදිස්සියක් ද.

Thank you නංගි. නෑ නංගි මේ පොඩි කෑමක් තියෙනවා දෙන්න. හරි එයා ආවම එන්න කියන්න කො.

හරි අක්කෙ මං කියන්නම්...

ජානු එක්ක සකුට කේක් එක දෙන්න ගියත් සකු තාම ඇවිල්ලා තිබ්බෙ නෑ නෙ.ඉතින් මං එයාගෙ යාලුවෙක්ට එයා ආවම එන්න කියලා පන්තියට ගියා.

ජානු.. මොකද්ද බං අවුල උබෙ. මං උදේ ඉදන් බලන් හිටියෙ උබ දුකින් මොකො. අනික ඇයි කොන්ඩෙ කැපුවෙ.

නෑ ආදි.. මගෙ කොන්ඩෙ යනවා. ඒකයි මං කොන්ඩෙ කැපුවෙ. අවුලක් නෑ අනෙ.මං පස්සෙ කියන්නම්කො.

අනෙ මංදා උබත්. ඉස්සර උබ හැමදේම මට කිව්වට දැන් හංගනවා නේ. හා හා ඉතින් ඔහොම යමන්කො.

අනෙ එහෙම නෑ ආදි. උබ දන්නවනෙ මං උබට ආදරෙයි.

මාත් ආදරෙයි බං උබට. උබ මගෙ අම්මටත් වඩා මාව පරිස්සම් කරනවා. උබ තමා මගෙ හැමදේම දන්න එකම එකි. උබට නැතුව මං කාට ආදරෙ කරන්න ද බූරු පැටියො.

WHAT IS LOVE  😊❤🦋  [Complete ] Where stories live. Discover now