< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 19 >

Start from the beginning
                                    

" එහෙම එකක් නෙවෙයි ටේහියුන් ! මොන ප්‍රශ්නයක්ද කියල කව්ද දන්නෙ..අනික මේ පාරක නිකම් මිනිස්සු තුවාල වෙලා ඉන්නෙ නැනෙ..!ඒ නිසා-ටේ! ටේ ඉන්න..!"

ජිමින් ටේහියුන්ට පැහැදිලි කරන්න හැදුවත් ඒ කිසි වචනයක් ඇහුවෙ නැති ටේහියුන් ඉක්මනට කාර් එකෙන් බැස්සා..පෝන් එකේ ටෝච් එක පත්තු කරගෙන ටේහියුන් ආපස්සට දුවල ආවෙ එයා දැක්ක මනුස්සයව බලන්න...ඒ එක්කම වගේ බය උනත් ජිමිනුත් ටේහියුන් පස්සෙම දුවගෙන ආව..

" මේ අහන්න...! ඔහොම ඉන්න..!"

ටික දුරක් එනකොට ටේහියුන් දැක්ක එයාල එනකොට දැක්ක අර මිනිහව..තාමත් ඒ මිනිහ බැරි බැරි ගාතෙ දුවනව...ටේහියුන් එයාගෙ කකුක් වල වේගෙ වැඩි කරල ඒ මනුස්සය ලගට දුවගෙන ආව...

ඒත් ටේහියුන් ඒ මනුස්සයට ලන් වෙනවත් එක්කම වගේ ඒ මනුස්සය බිමට වැටෙනකොට ටේහියුන් ඉක්මනට පාත් වෙලා ඒ මනුස්සයව අල්ලගත්තා...ඒ එක්කම වගේ ජිමිනුත් එතනට දුවගෙන ආව...

" ටේටේ..."

" චිම්....මේ අහන්න..ඔයාට මාව ඇහෙනවද...? කතා කරන්න.."

ටේහියුන් අර මනුස්සයගෙ කම්මුල් වලට තට්ටු දාන ගමන් කතා කලාම ජිමින්ගෙ අතේ තිබ්බ පෝන් එකේ එලියෙන් ඒ දෙන්න දැක්ක මේ ඉන්නෙ තරුණ පිරිමි ළමයෙක් කියල..ලාවට ඇස් අරින ගමන් හිටපු ඒ කොල්ල ටේහියුන්ගෙ මූන දැක්ක ගමන් ටේහියුන්ගෙ අත තද කරල අල්ලගත්තා....

" ඔයා හො-"

" q-queen..!"

ටේහියුන් ආයෙත් ඒ පිරිමි කෙනා එක්ක කතා කරන්න ගියත් , ඒ එක්කම වගේ ඒ පිරිමි කෙනා කියපු වචනෙ නිසා ටේහියුන් වගේම ජිමින්වත් ගැස්සිලා ගියා...

" ම්-මොකක්ද..?"

" queen..! k-king ව..බ්-බේරගන්න..!"

බේරගන්න කියන වචනෙ කියනවත් එක්කම වගේ ඒ කෙනා එහෙම්ම ටේහියුන්ගෙ අත් උඩට වැටුනා..ටේහියුන් තාමත් ශොක් එකේ..ජිමිනුත් ශොක් එකේ හිටියත් එයා ඉක්මනට පිරිමි කෙනාගෙ නහය ගාවට ඇගිල්ලත් තියල බැලුව...වැඩක් නෑ...හුස්ම වැටෙන්නෙ නෑ..එයා අන්තිම හුස්ම පොද යවල තිබ්බා...

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now