⚜️ 24 ⚜️

19 6 5
                                    


" Good Morning ජන්කුක් .. එන්න ඇතුලට .. "
එලීසගෙ අතෙන් අල්ලගත්ත ජන්කුක් හෝසෙඔක් එක්කලා යුන්ගි ගේ ගෙදරට ඇතුල් වෙද්දී යුන්ගි ට බැලුනේ ජන්කුක් අල්ලන් ඉන්න එලීසගේ අත දිහායි ..

ආයාසයෙන් හිනාවක් මූණට ගත්තු එයා ජන්කුක් ටත් එලීසටත් හෝසෙඔක් ටත් සෝෆා එක පෙන්නුවා ..

" වාඩිවෙන්න .. මොකද පරක්කු උනේ ... "

" ආ .. අම් මම හින්දයි යුන්ගි .. ඊයේ අල්බා කරන්න ගිහින් එද්දි ටිකක් රෑ උනා .. මම නැගිටිද්දි පරක්කුයි "
හෝසෙඔක් අපහසුවෙන් අහක බලාගත්තේ මෙතන ඉන්න කාටත් වඩා එයාට වගකීම් වැඩි නිසා .. අනික යුන්ගි ගේ විශාල ගෙදර ජන්කුක් ගේ ගෙදරටත් වඩා නවීන පන්නයේ උනා .. හෝසෙඔක් මුළු ගේ වටේම ඇස් ගෙනිච්චා ..

" ඔහ් .. කට්ටිය ඇවිල්ලත් එක්කනේ .. "
යුන්ගි සෝෆා එකේ ඉඳගන්නවත් එක්කමයි එතනට යුන්ගි ගේ සම්චොන් ආවේ ... ඒත් එයාව දැකලා එලීසා ජන්කුක් වගේම හෝසෙඔක් සෝපාවෙන් නැගිට්ටා ..

" ඕ සම්චොන් .. අ අම් මේ මගේ සම්චොන් .. ඇමරිකා වලත් මෙහෙත් මට ඉන්න එකම බැඳීම .. "
යුන්ගි ජීහොව එලීසලාට අඳුන්වලා දෙද්දී ආයාසයෙන් හිනාවක් පෑව ජීහෝ එලීසා දිහා ගොඩක් හොඳට බැලුවේ තමන්ගේ කරේ එල්ලගන හිටිය මාලෙත් ශර්ට් එක උඩින් හෙමින් අල්ලන ගමන් .. ඔව් ජීහො ගාවත් තිබුනා යුන්ගි ගේ වගේම හිවල් හිසක් හැඩයේ මාලයක් ..

" ම්ම් ඔයා වෙන්න ඕන එහෙනම් එලීසා කියන්නේ .. එතකොට මේ ජන්කුක් මම හරි නේද ? "
ජීහෝ ජන්කුක් එක්ක හිනාවෙලා එලීසගේ ඇස් දිහා හොඳට බැලුවා .. ඒ තද රතුදුඹුරු ඇස් වගේම පුංචි දුඹුරු තිත් සහිත සම , රතු කොන්ඩය .. එලීසා ගොඩක් ලස්සනට හිටියා .. රතු හිවල්ලු කියන්නේ ඔවුන් අකමැතිම කොට්ටාසය උනත් ජීහෝ එලීසව දැක්ක පමණින්ම හරි කැමති උනා .. කෙල්ලගේ හිනාවත් හරිම ප්‍රියමනාපයි .. 

ජීහෝ එක පාරින්ම එලීසව නම් කලාම එලීසා පුදුම උනා ..
" ඔහ් .. "
කෙල්ල පුදුමෙන් බැලුවේ යුන්ගි දිහා .. යුන්ගි හිනාවක් පාලා බිම බලාගත්තා ..

" ආ .. පුදුම වෙන්න දෙයක් නෑ .. යුන්ගි මට ඔයාලා ගැන කියලා තියෙනවා .. වාඩිවෙන්න "
එලීසා හිනා වෙලා සෝෆා එකේ වාඩි උනා .. ජීහෝ හිනාවෙලා හිටියට ඒ දුඹුරු ඇස් වල මොකක්දෝ වේදනාවක් තිබ්බා .. ඇස් වටේ කළු ගැහිලා තිබුනේ කාලයක් තිස්සෙ හරියට නින්දක් නැති කෙනෙක් වගේ ..

You've reached the end of published parts.

⏰ Last updated: May 04 ⏰

Add this story to your Library to get notified about new parts!

𝑻𝒉𝒆 𝑭𝒐𝒙 𝑲𝒊𝒏𝒈𝒅𝒐𝒎 🦊 ( The Red Fox Pt2) Ongoing Where stories live. Discover now