⚜️ 15 ⚜️

32 9 15
                                    


" කූ "
එලීසා ඇස් ලොකු කරන් ජන්කුක් දිහා බලන් හිටියා ... ඒත් ජන්කුක් හිටියේ ගොඩක් හදිස්සියෙන් .. එයාට මේ වෙලාවෙ එලීසව ඕන උනා ... එලීසා ජන්කුක් ගේ faded loom උනත් ජන්කුක් ගේ හිතේ එලීසා ගැන කැමැත්තක් තිබුන නිසාම ජන්කුක් එලීසව හොයන් ඇවිත් තිබුනා ..

ජන්කුක් ගේ ඇස් දැනටමත් කෙරීට වෙනස් වෙලා තිබුනා ... ඒ වගේම ජන්කුක් ශර්ට් එකක් වත් නොඇඳ කෙලින්ම එලීසගේ කාමරේට ඇවිත් තිබුනා .. කෙල්ල බය වෙලා ඉන්නේ .. හදිසියේම හඳ එලියට මුවාවෙලා තමන්ගේ තොල් සිපගත්ත ඒ අඳුරු ඡායාව ජන්කුක් ද ? එලීසා ඇස් ලොකු කරන් ජන්කුක් දිහා බලාගන කල්පනා කලා ..

" ක්‍රිම්සන් "
ජන්කුක් ගේ කටහඬ පවා වෙනස් වීගන යන ගමන් තිබුනා .. කෙරීගේ ගැඹුරු හඬින් එයා ක්‍රිම්සන් ට කතා කලා .. එයාට තේරුනා එලීසා ඉන්නේ බය වෙලා බව ..

කෙල්ල ජන්කුක් ඉස්සරහට දුවන් ගියා ..
" එලී .. ? ඔයා__ ම්ම් "

ජන්කුක් වචනයක් කියන්නත් කලියෙන් එලීසා ජන්කුක් ගේ තොල් වලට තමන්ගේ තොල් තිබ්බේ ජන්කුක් ව ගොඩක් පුදුම කරලා .. එලීසා කවදාවත් ජන්කුක් ට සිපගැනීමකට ඉඩ දීලම නෑ .. ඒත් අද හදිසියේම එලීසා මෙහෙම කලාම ජන්කුක් හිතුවා පුරහඳ නිසා වෙන්න ඇතියි කියලා ..

ක්‍රිම්සන් ට උවමනා නොවුනට එලීසට උවමනා උනා ඒක .. කෙල්ල බය වෙලා හිටියේ .. අනිත් අතට එලීසට දැනගන්න ඕන උනා මේ තත්පර කීපෙකට කලින් තමන්ව සිපගත්තේ ජන්කුක්මද කියලා ..
එලීසා ජන්කුක් ගේ තොල් වලින් ඈත් උනා .. එයාට හදිසියේම මතක නැතුව ගියා ඒ තොල් වල හැඟීම .. ඒත් ඒ වෙනුවට එයාට ජන්කුක් එක්ක හුවමාරු උන හාදුව පුංචි සහනයක් ගෙනාවා ... කෙල්ලට හිතන්න උවමනා උනා ඒ ජන්කුක් බව .. ක්‍රිම්සන් කියන කිසි දෙයක් සලකන්න එලීසා ලෑස්ති නැහැ .. අනික ඒක වෙන්නේ කොහොමද ? ජන්කුක් නේ එලීසගේ loom ... එහෙනන් ජන්කුක් තමයි ක්‍රිම්සන් ව කලබල කරන කෙනා .. එලීසා කෙලින්ම එහෙම තීරණයකට ආවා ..
තමන්ගේ මූණ දිහා බලාගන බයවෙලා කල්පනා කරන එලීසා දිහා ජන්කුක් ඇස් ලොකු කරන් බලන් හිටියා .. ජන්කුක් කවදාවත් එලීසා මේ තරම් බයවෙලා ඉන්නවා දැකලා තිබුනේ නැහැ ..

𝑻𝒉𝒆 𝑭𝒐𝒙 𝑲𝒊𝒏𝒈𝒅𝒐𝒎 🦊 ( The Red Fox Pt2) Ongoing Where stories live. Discover now