⚜️ 7 ⚜️

44 12 21
                                    

එයාපෝට් එකේ සෑහෙන්න සෙනඟක් එකතු වෙලා හිටියා .. ඒ වගේම සෙනග අතරින් කැමරා කාච කීපයක්මත් කෙනෙක් වෙනුවෙන් බලන් හිටියා .. හවස හතරයි තිහ .. ඇමරිකාවේ ඉදන් කොරියාවෙ inchon airport එකට එන Plane එකේ එක පැසෙන්ජර් කෙනෙක් වෙනුවෙන් මේ හැමොම හවස තුන , තුන හමාරේ ඉදන්ම මෙතන එක්‍ රැස්වෙලා ඉන්නේ ...

තවත් විනාඩි පහක් හයක් යද්දි ඇමරිකා වල ඉදන් inchon ආව ගුවන්‍ යානයෙන් බැහැලා එක ලගේජ් බෑක් එකකුත් එක්කලා terminal එකේ ඉස්සරහට එමින් හිටිය ඒ කෙනාව දැකලා රැස්වෙලා හිටිය හැමෝම යටිගිරියෙන් කෑගහන්න ගත්තා ..

සුදු පාටට හුරු සරල ශර්ට් එකක් එක්ක කළු පාට loose trouser එකක් එයා ඇඳලා හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සුදු පාටට හුරු සරල ශර්ට් එකක් එක්ක කළු පාට loose trouser එකක් එයා ඇඳලා හිටියා .. ඒ වගේම එයා එයාගේ කඩවසම් මූණ වැහෙන්නම කළුපාටින් මාස්ක් එකක් දාගන හිටියේ එයා වෙනුවෙන් සෙනඟ එක්ක කැමරා කාචත් මෙතන රැස්වෙන බව දැනගන වගේ ...

' White Prince '

කොරියාවෙ ඒ නම ගොඩක් ප්‍රසිද්ධයි .. හරියටම කිව්වොත් එයා ඇමරිකාවම හොල්ලපු ප්‍රසිද්ධ මොඩ්ලර් කෙනෙක් .. White prince කියන අනුවර්ත නාමය නම් ඒ කෙනාගේ සුදු හමට ගොඩක් හොඳට ගැලපුනා ...
එයා කොරියානු සම්භවයක් ගත්තට අවුරුදු ගානක් තිස්සෙ ජීවත් උනේ නම් ඇමරිකාවෙ .. ඒත් පෞද්ගලික හේතුවක් මත White Prince කොරියාවට එනව කියන ආරංචිය සෑහෙන්න ඉක්මනට පැතිරුනා .. ඉතින් ඔන්න අද එයා වෙනුවෙන් එයාගේ රසිකයින් රැස්වෙලා හිටියා ... ඒත් ඒ කෙනා ඒ තරම් කතාබහට කැමති කෙනෙක් නෙවෙයි ... පෙනුමෙන් උනත් ටිකක් ගුප්ත පාටක් ඒ කළු ඇස් වල තිබුනා...

ඒ වගේම එයාගේ ලඟින් තවත් කෙනෙක් හිටියා.. පෙනුමෙන් මැදිවයසේ උන ඒ කෙනා තවත් සූට් කේස් එකක් ඇදගන ඉස්සරහට ආවා ... හැම කෙනෙක්ම white prince කියන නම කෑගහද්දි උනත් කොල්ලා බිම බලාගනම ආවෙ අර මැදිවියේ කෙනා ඒ අහල පහලට එන කැමරාමන් ලව එහෙ මෙහෙ කරද්දි .. එයා bodyguard කෙනෙක් නම් නෙවෙයි ඒත් එයා හැසිරුනේ white prince ව ආරක්ෂා කරන විදියේ හැසිරීමකින් ..

𝑻𝒉𝒆 𝑭𝒐𝒙 𝑲𝒊𝒏𝒈𝒅𝒐𝒎 🦊 ( The Red Fox Pt2) Ongoing Where stories live. Discover now