⚜️ 22 ⚜️

30 7 15
                                    


රෑ දෙක පහුවෙලා තිබිලත් එලීසට නින්දක් අහලකටවත් ආවෙ නෑ .. එයාට දැනුනේ ඒ නිල් ඇස් එයාව බලාපොරොත්තු වෙනවා වගේ හැඟීමක් ..
කෙල්ල කාමරේ ජනෙල්ලයක් ඇරලා ඒකෙන් පිටත පේන nixen එක දිහා බලන් හිටියා ..

එලීසට දුකයි ... එයාගේ අප්පා එයත් එක්ක කතාබහක් නැතුවම නිදියන්න ගියානේ .. ජන්කුකුත් ගෙදරින් යද්දි එලීසට ලාවට සමු දුන්නා විතරයි .. ඇයි මේ කිසි කෙනෙක් එලීසා කියන දේ ගැන අවධානේ දෙන්නෙ නැත්තේ ..

ජනෙල්ලෙන් එලිය බලාගන එලීසා ජන්කුක් ට මැසේජ් එකකුත් දැම්මා .. හෙට උදෙන්ම තමන් එන බවත් ජන්කුක් එක්කලා වැදගත් දෙයක් කතාකරන්න තියෙන බවත් එලීසා ජන්කුක් ට කියලා දැම්මා ..

******

දොරේ බෙල් එකේ සද්දෙටයි ජන්කුක් කාමරෙන් එලියට ආවේ .. උදේ හත පහු උනා විතරයි නේ තවම .. කට්ටිය මේ තරම් වේලාසන නම් එන එකක් නෑ ..

" ජන්කුකී ! අදල් කවුද බලන්න ආවේ .. "
ජන්කුක් ගේ ඔම්මට අද උදේ ඉඳන් වැඩ .. යාලුවො කට්ටියක් ගෙදරට එනවයි කිව්ව වෙලේ ඉදන් ජන්කුක් ගේ ඔම්මා මහන්සි උනේ එයාලට කෑම හදන්න ..

ජන්කුක් ගේ ඔම්මත් ජන්කුක් වගේම තමයි .. ජන්කුක් ට තිබුනෙත් එයාගේ ඔම්මගේ ඇස් .. ජන්කුක් වගේම එයාගේ ඔම්මයි අප්පයි දෙන්නමත් කළු හිවල්ලු .. චාරිත්‍රානුකූලව ජන්කුක් ලඟදීම black fox head වේවි කියන බලාපොරොත්තුව ජන්කුක් ගේ අප්පට තිබුනා .. අනික ජන්කුක් තමයි ඒකට සුදුසුම කෙනා .. fox world එකේ ඉන්න බුද්ධිමත්ම කළු හිවලුන්ගෙන් හොඳම පරම්පරාවෙන් එන කෙනා උනේ ජන්කුක් .. ඊට අමතරව Zack ජන්කුක් ගේ මට්ටමට කිට්ටු කරලා හිටියත් සැක් ගේ පරම්පරාව Anax පරම්පරාවක් නෙවෙයිනේ ..

" ඕ ඔම්මා .. "
ජන්කුක් එහෙම කියාගන කලබලෙන් දිව්වෙ දොර අරින්න ...

" එලී ? "
ජන්කුක් පුදුම උනා එලීසා මේ තරම් උදෙන් මෙහෙට ආව එකට ..

" එහ් .. ඔයා තවමත් මගේ text කියෙව්වෙ නැද්ද පාබෝ .. "
එලීසට එතකොටයි තේරුම් ගියේ ජන්කුක් තවමත් තමන්ගේ මැසේජස් බලලා නැතිබව ..  ජන්කුක් තමන් එක්ක හිත හොඳ නැති බවත් දන්න හින්දා එලීසා ලා හිනාවක් පාලා ඉක්මනට ගෙදරට පැන්නේ ජන්කුක් ගේ ඔම්මයි අප්පයි මේ ගැන නොදන්න නිසා එයාලගෙ අමුතු හැසිරීම අහුවේවි කියලයි ...

𝑻𝒉𝒆 𝑭𝒐𝒙 𝑲𝒊𝒏𝒈𝒅𝒐𝒎 🦊 ( The Red Fox Pt2) Ongoing Onde as histórias ganham vida. Descobre agora