⚜️ 16 ⚜️

28 7 12
                                    


එදා මුළු රාත්‍රියේම ජන්කුක් හිටියේ ජිමින්ලගේ ගෙදර .. උදේ කොලේජ් යන්නත් තියෙන නිසා ජන්කුක් එලීසා එක්කම හිටියා ..

ඒත් එලීසා වෙනස් බව ජන්කුක් ට දැනුනා .. ජන්කුක් බය උනා ඊයෙ රෑ එයා එන්න කලියෙන් එලීසගේ lasting loom එයාව හොයාගත්තාවත්ද කියලා .. ඒත් ජන්කුක් ට ඒක එලීසගෙන් අහන්නත් විදියක් නෑනේ ..

" බේබ් .. ඔයා ප්‍රශ්නෙක නේද .. ඊයෙ රෑ හින්දා නම්__ "

" අහ්ම් න් නෝ කූ .. ඒක හරි .. මට අර නිල් ඇස් තාම මතකෙට එනවා .. එ ඒකයි මේ .... Just .. Don't mind okay "
කෙල්ල ජන්කුක් ගේ කම්මුලක් අල්ලලා හිනාවෙලා සාලෙට ආවෙ යූජින් ටත් කොලේජ් යනවා කියලා හාදුවක් දෙන්න හිතාගන ..

ජිමින් ට හරි වැඩ ගොඩයි .. ඔන්න අදත් එයා උදෙන්ම බිස්නස් වැඩ වලට යන්නයි ලෑස්තිය ..

" ජිමිනී .. අ අනේ අදවත් ටේහ්‍යුන් ලට එන්න කියන්නකො .. කාලෙකින් මුණගැහෙන්න බැරි උනා අපිට "
යූජින් ජිමින් ගේ සූට්කේස් එක අතට දෙන ගමන් ජිමින් ගේ ඇඳුම හදද්දි ජිමින් කල්පනාවක හිටියා ..

" ම්ම් Okay බලමුකො මම අද උට කෝල් එකක් දීලා බලන්නම් .. අහ් එලී .. කොලේජ් එකේ මොකක් හරි ප්‍රශ්නයක් උනාද ? මොකක්ද අර ලමෙක් suicide කරගන්න හැදුවා කියලා යන ආරංචිය "
ජිමින් ජන්කුක් එක්ක කතාබහේ හිටිය එලීසගේ ලඟට ගිහින් අහද්දි එලීසට බැලුනේ ජන්කුක් දිහා ..

" අ ආ අප්පා ඒක මේ .. "

" ආනී අජුශ්ශී .. Bullying ප්‍රශ්නයක් නිසයි ඒ ..  "
ජන්කුක් ලාවට හිනාවෙලා එලීසගේ අතකින් අල්ලගත්තම කෙල්ල ගැස්සුනා ..
" එලී තමයි ඒ ළමයව බේරගත්තේ "
ජන්කුක් ආඩම්බරෙන් එලීසා දිහා බලලා කියද්දි ජිමින් පුදුම වෙලා එලීසා දිහා බැලුවා ...

" ආ ? "
ජිමින් පුදුමෙන් හිනාවෙද්දි ජන්කුකුත් හයියෙන් හිනා වෙලා එලීසගේ අත ටිකක් හෙමින් මිරිකුවා .. කෙල්ල කටින් සද්දයක් දාලා අහක බලාගත්තේ ජන්කුකුත් ජිමිනුත් එයාව විහිලුවට ගත්ත බව තේරුන නිසයි ..

.
.

" හේයි .. ම්ම් "
එලීසා කොලේජ් යන අතරේ පෙන්නුවේ මිසිස් කිම් ගේ තාප්පේ .. ජන්කුක් ඉක්මනට ඇස් ලොකු කරලා පාර මැද්දෙ නතර උනා ..

𝑻𝒉𝒆 𝑭𝒐𝒙 𝑲𝒊𝒏𝒈𝒅𝒐𝒎 🦊 ( The Red Fox Pt2) Ongoing Where stories live. Discover now