96- පළිඟු දිඟහැරුම ♡

Mulai dari awal
                                    

"අපි දෙන්නත් උඩට යන්නද ?"

"යන්න යන්න "

ජොඑලා ආන්ටි එක්ක කතා කරන වෙලාවේ මම අර තරුන ගෑනු ලමයව අධ්‍යයනය කරා .... සරලයි ලස්සනයි ... මිනාගි අක්කා වගේ ... කොට නෑ මගේ උරහිස තරමට වත් උස ඇති

"ආන්ටි මේ අයියගේ අක්කද ?"

බැරිම තැන මම ඇහුවේ ටවීශ්ගේ අයියා ගෙදරින් පැනලා ගිහින් කසාද බැදපු අක්කද කියලා ඒ ඉදගෙන ඉන්නේ ... බෑනේ කරන්න කුතුහලේනේ

"හහ් හා මරු විහිලුව ඔය ඉන්නේ ටවීශ්ගෙ ෆියොන්සේ ... "

"මොකක් !?"

මම ආන්ටි දිහයි ඒ අක්කා දිහයි ජොඑලා දිහයි මාරුවෙන් මාරුවට බැලුවේ මේ ප්‍රශ්නේ මෙච්චර දුර ගිහින් ඇති කියලා හිතුවේ නැති නිසා

"ඔව් ඩිසෙම්බර් වල එන්ගේජ්මන්ට් එක පොඩියට ගන්න හිතුවේ පුතා .... මොකද ජනවාරි වල ඉඳන් ආයේම SLMR යන්න එපැයි "

"අහ් හා අපි උඩට යන්නම් "

අපි දෙන්නා හරක් දෙන්නා වගේ ටවීශයාගේ කාමරේ දොර ඉස්සරහට ඇවිල්ලා මූනට මූන බලාගත්තේ ඇත්තටම ඒකඳ දැන් වෙන්නේ කියන කුතුහලේ අපි දෙන්නටම මදි නොකියන්න තියෙන නිසා

"ඇතුලේ dj එකක් දාන් මූ කසාද බදින්න යන සතුටට නටනවා වෙන්න බැරිද ?"

"සද්දේ යකෝ කන් අඩි පුපුරන්න එනවා මූ මේක ඇතුළෙ ජීවත් වෙන්නේ කොහොමද මෙහෙම dj දාගෙන "

දෙපාරක් විතර තට්ටු කරත් දොර ඇරුන්නැති නිසා අන්තිමට ජොඑලා නොබ් එක කරකුවේ ඇරෙයි කියලා පූර්න විශ්වාසයක් නැතුව .... නමුත් ඇරුනා

අපි දෙන්නම කාමරේට ගියත් ටවීයට නෙමෙයි දැනුනේ ඌ ජනේලෙන් එලියට පැනලා බැලකනි එකේ අත් වැට උඩ ඉදගෙන දිග කල්පනාවක

"මේ ඕයි උබ ඔතනින් වැටිලා මැරිලා මයේ අක්කා පනට වැඩ වැඩි නොකර බැහැපන් "

ජොඑලා කෑ ගහපු පාර ගැස්සිලා ගිය ඌ තව ඩිගෙන් තට්ටු තුනකින් බිමට .... මම පිටිපස්සෙන් ගිහින් කලිසමෙන් ඇද්ද නිසා හොදට ගියා

"මොකෝ උබ රට අල්ලන්න කල්පනා කරනවද නැත්තං කෙල්ලෙක් බැදලා කොල්ලෙකුත් බදින්න කල්පනා කරනවද ?"

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿTempat cerita menjadi hidup. Temukan sekarang