" නේෂි ඔයාට අව්ලක් නෑ නේද.."

අකේන් කලබලෙන් මං ලගට ඇවිත් මගෙ අත් දෙකෙන් අල්ලද්දි මං එයාට මගෙ අත් අල්ලන්න නොදුන්නේ අප්පච්චි අපි දිහා බලාන හිටිය නිසා..

" ඇන්ටෝ උබ මොකද මෙතන කරන්නේ.."

" වතුර ටිකක් ඉල්ල ගන්න ආවේ.."

කියන බොරු වනචරයා..

මං ඇස් හීනි කරලා ඇන්ටො දිහා බලද්දි අකේන් අපි දෙන්නම දිහා මාරුවෙන් මාරුවට බලන්න ගත්තේ ඇස් දෙක තරහින් පුරවගෙන..ඒකටත් මට බැනුම් අහන්න වෙයිද දන් නෑ..

" හ්ම්ම් හ්ම්ම් කොල්ලො ඕන්න ඕක අස් කරලා දාපන්..ඇන්ටො වරෙන්.."

" හරි අප්පච්චි.."

අප්පච්චි ඇන්ටොව එක්කන් කුස්සියෙන් යන්න යද්දි මං අකේන් එක්ක කුස්සියෙ තනි උනා..

" නේෂි.."

" ම්ම්ම්.."

අකේනුත් මාව ඇන්ටො වගේම පැන්ට්‍රි එකට හේත්තු කරන් ඉන දෙපැත්තෙන් අත් දෙක තියා ගත්තෙ මගෙ මූණට එබෙන ගමන්..

" මොකක්ද මෙතන උනේ කියපන්.."

ඒ ඇස් නපුරු වෙලා..වෙලාවකට ගොඩක් ආදරණීයයි තවත් වෙලාවකට පිස්සු කෝලමක් වගේ ඒත් දැන් කටුස්සා පාට මාරු කරනවා වගේ වෙනස් වෙන එයා අර නපුරු චරිතෙ වෙලා..

" ඇයි උබට කට නැද්ද.."

" තියනවා.."

" කියපන් එහෙනම් මොකද උනේ කියලා.."

හඩ බාල කරලා කිව්වත් එයා ඒක කිව්වෙ ගොඩක් තරහින් දත් මිටි කන ගමන්..

" ඇන්ටෝ.."

" ඉතින්.."

" මං තේ හදද්දී.."

" එකවැර කියපන් නේෂි මගෙ යකා අව්ස්සන් නැතුව.."

" ඇයි මට බනින්නෙ ඉතින් මං මොනාද කරේ.."

" ඒයී..අඩන්න ලෑස්ති වෙන්න එපා.."

" ඉතින් බනිනව නේ.."

" හරි හරි කියනවකො මොකක්ද උනේ කියලා..පොඩි එකෙක් වගේ නේ.."

අකේන් මගෙ කම්මුල් දෙකේ අත් තිබ්බේ කම්මුල් දිහේ ගලාන ගිය කදුලු පිහින ගමන්..

භවයෙන් භවේ 🥀 ( Yizhan )Where stories live. Discover now