Part 10 ✽

87 13 2
                                    

ශකිල අයිය කිව්ව විදිහට අකේන් උදේ ඉදල තියෙන්නෙ අර සීයගෙ කඩේ..ඇයි එයා එහෙ ගියෙ කියන එකනම් මට හිතා ගන්න බෑ..කාමරේ ලේ තියෙන්න හේතුව අකේන් එයාගෙ අත් දෙකම කපාගෙන..ශකිල අයිය doctor කෙනෙක් නිසා ඒ වෙලේම එයාට බෙහෙත් දාල තිබ්බා..මේ හැම දේම මං නිසා කියල හිතෙද්දි දැනෙන හැගීම මට වචන වලින් විස්තර කරන්න පුලුවන් දෙයක් නෙවෙයි..මට මහ අසරණ කමක් දැනෙන්නේ..ඇයි දෙයියනේ මටම මෙහෙම වෙන්නේ..මං මොන වැරැද්දක් කරාටද..

අතීතෙට ආව කාලෙ හිතට සැනසීමක් දැනුනට අකේන් මට ආදරේ කරන නිසා ඒ සැනසීම නැති වෙලා ගියා..වෙන මිනිස්සු තමන් තනි වෙලා නෑ තමන්ට පන වගේ ආදරේ කරන්න කෙනෙක් ඉන්නව කියල දැනුනම සතුටු උනාට මට වෙන්නේ මට කෙනෙක් ආදරේ කරද්දි දුක් වෙන්න..ඇයි ඇයි දෙවියො මට එහෙම කරේ පෙර ආත්මෙක හරි ලොකු පවක් මං කරල තියනවා..කොහොම මොන දේ උනත් අකේන්ට මට ආදරේ කරන්න දෙන්නෙ නෑ මං..මගෙ ජීවිතේ නැති කරගෙන හරි මං එයාව ජීවත් කරවනවා..ඒත් එයාගෙ ඒ ආදරණීය හාදුවලට මං ගොඩක් ආස කරනවා..ලෝබ කමක් නැතුවම නෙවෙයි මෙච්චර ආදරයක් ඈත් කරන්න..ඒත් කොහොමද මං ආත්මාර්ථකාමී වෙන්නේ..

" නේෂි මොකද රෑ වෙලා එළියෙ කරන්නේ.."

" අහ්ම්..මුකුත් නෑ අකේන්.."

" සීතලයි නේ ඇතුලට යමු.."

" සීතල උනාට ඇගට සනීපයි..මං තව ටික්කින් එන්නම්.."

එළියෙ බෙන්ච් එකට වෙලා ඉදගෙන අහස දිහා බලන් හිටිය මං ලගට ඇවිත් එයා මං ලග ඉද ගත්තා..

" මං මෙහෙම ඉන්න එක ඔයාට අපහසුවක්ද.."

" අනේ එහෙම නෑ.."

" නේෂි මම__"

" මට ගොඩක් ආදරෙයි කියන්නද යන්නේ.."

" මං දන්නව අකේන් ඒක..මට දැනෙනවා.."

" නේෂි ඒ ආදරේ අදක ඊයෙක ඇති උන දෙයක් නෙවේ..අවුරුදු ගානක් මං ඔයාට ආදරේ කරා නේෂි ඔයා විශ්වාස කරන් නැති වෙයි ඒත් ඇත්ත අවුරුදු ගානක් හීනෙන් පෙනුන ඔයාට මං නොසෑහෙන්න ආදරේ කරා.."

" මට විශ්වාසයි ඔයාව..දුරින් ඉද්දි මෙච්චර දැනෙනවනම් මට ඔයාව..ලං උනාම කොච්චර දැනෙයිද..මට ලෝබයි අකේන් ඒ ආදරේට ලෝබ හිතෙනවා..ඒත්.."

භවයෙන් භවේ 🥀 ( Yizhan )Where stories live. Discover now