Part 9 ✽

88 15 1
                                    

අලුත් දවස් ඒත් කලින්ට වඩා වෙනස්..මං දන් නෑ අකේන් මේ ටික දවසට ඔයා මට කොහොම ආදරේ කරන්න පටන් ගත්තද කියලා ඒත් මොනා කරන්නද ඔයාට මගෙ හිතේ පොඩි ඉඩක්වත් දෙන්න විදිහක් නෑ..

ඊයෙ උන දේ නිසා මං තිසරුගෙ ගෙදර ගියා..උදේම ආවෙ අකේන්ට කෑම හදල දෙන්න ඕනි නිසා පව් කොල්ල රෑට කෑවෙ මොනාද දන් නෑ..

" අකේන් නැගිටින්න ඔයා තාම නිදිද..අකේන්.."

" දවල් වෙලා අකේන් නැගිටින්න දැන්.."

කමරේ ලගට ගිහින් කොච්චර දොරට ගහන ගමන් කතා කරත් අකේන් නෙවෙයි උත්තරයක් දුන්නේ..මෙයා මාත් එක්ක තරහ වෙලාද..

" අකේන්.."

කාතා කරල කරල බැරිම තැන මං කාමරේ දොර ඇරන් ඇලුතලට ගියා..

" දෙයියනේ අකේන් ඔයා.."

මුලු කාමරේම අව්ල් ජාලයක් වෙලා..ඇදේ බෙඩ් ශීට් බිම..මේසෙ උඩ තිබ්බ පොත් බිම හැම තැනම වගේම කන්ණාඩියේ ග්ලාස් එක කුඩු වෙලා වීදුරු කටු හැම තැනම..බියර් බෝතල් දෙක තුනක් ඒවත් කෑලි කෑලි වෙලා..මේ කොල්ල මොනාද මේ කරල තියෙන්නෙ..

කාමරේ කනපිට පෙරලලා තිබ්බත් අකේන් නෙවේ කාමරේ හිටියේ මෙයා කොහෙ ගිහින්ද..

ලේ..

බිම තිබ්බ බෙඩ් ශීට් එක එහාට කරද්දි මං දැක්කෙ ලේ ගොඩක්..මේව අකේන්ගෙද..වීදුරු කටු වලත් ලේ ගෑවිලා කියන්න දැක්කෙත් එතකොට මං..

"ඊයෙ ඔයාට අකේන්ව දාල යන් නැතුව ඉන්න තිබ්බ නේෂි..මේ හැම දේම ඔයා නිසා නේෂී..ඇයි ඔයාට ආදරේ කරන හැමෝටම රිද්දන්නේ..අකේන්ට මොනා හරි වෙලා තිබ්බොත් ඒකට වග කියන්න ඕනි ඔයා නේෂි.."

මං මටම දොස් කියාගත්තා..

කලබලෙන් කාමරේ එහෙ මෙහෙ ගිය මං දැක්කෙ චිත්‍රයක්.. එ ඒ මං..

 එ ඒ මං

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
භවයෙන් භවේ 🥀 ( Yizhan )Where stories live. Discover now