Part 12 ✽

216 22 4
                                    

මේක වෙනස්ම එකක් කාලකණ්ණියෙක් උන මටත් දැන් නොසෑහෙන්න ආදරේ කරන කෙනෙක් ඉන්නවා...මනුස්සයෙක්ට තියන ලොකුම හයිය මේ ලෝකෙ තමන් වෙනුවෙන් කෙනෙක් ඉන්නව කියල දැනෙන ඒ හැගීම නෙවේද..ඒත් දැන් වැඩේ කියන්නේ...තමන්ට ආදරේ කෙනෙක්ට පෙරලා ආදරෙයි කිව්වම තරහ වෙන සිරිතක් තියනවද මං අහන්නේ..

හරි ඉතින් වැරැද්දක් කරා තමයි එහෙමයි කියලා ආදරෙයි කිව්වමත් තරහ වෙලා ඉන්න ඕනි නෑ නේ..දඩුවමක් දෙන්න ඕන්නම් ගහන්න එපැයි ගනන් ගන් නැතුව ඉද්දි දුක හිතෙනවා..වලත්තකන් කර කර මාව ඉබින්න හොදයි..

" අකේන්..ම්හුක් "

" මොකද උහුක් උහුක් ගන්නේ ආ.."

" කැරට් අලයක්.."

" ඕනි තරම් පේන්න තියනව නෙ නේෂි ගලවගෙන කන්න.."

" ඉතින් ගලවලා දෙන්නකෝ.."

" ............ "

හවස් වෙලා මං වත්ත පැත්තෙ එද්දි මෙන්න එක්කෙනෙක් කැරට් වලට සාත්තු කරනවා..කැරට් අලයක් ගලවලා දෙන්න කිව්වට නෙවෙයි නෙ අප්ප මෙයා දෙන්නේ..මාහා හොද නෑ ඇහෙන් නෑ වගේ ඉන්නවා..

" දෙන්න බෑද කියන්නේ..."

" ම්හුක් ගලවලා දෙන්නකෝ.."

" මං එක පාරක් කිව්වා නෙ නේෂී.."

" ඉතින් මාත් දැන් තුන් පාරක් විතර කිව්වා නේ.."

" අනේ.."

" ඕන් නෑ අකේන් ඔයාගෙ කැරට් මට..දන්නවා වැරදි තීරනයක් ගත්තෙ කියලා එහෙමයි කියල පලි ගන්න ඕන් නෑ නේ..බොරුද කොහෙද ආදරේ කිව්වේ කැරට් අලයක්වත් ගලවලා දෙන්නෙ නැති කෙනෙක්ගෙ ආදරේ කොහොමද විශ්වාස කරන්නේ..මට කව්රුත් නෑ..කාලකණ්ණියෙක් තමා මං ආච්චි කිව්ව හරි..මේ මුකුත් නෑ නේ මං මැරිල ගි__"

" අහ්හ්...අකේන් අතා රි න් න.."

" කියපන් උබට ආදරෙයි කියල පෙන්නන්න මොනාද මං කරන්න ඕනි අහ්.."

" ඇයි තරහ ගන්නෙ මාත් එක්ක දැන්.."

එයාට කේන්ති ගිහින් ටිකක් නෙවෙයි..ඇස් දෙකකෙන් ගිනි පිටවෙනව වගේ..කියන්න ගිය එක කියයල ඉවර කරන්නත් කලින් මගෙ කට දෙපැත්තෙන් අකේන් අල්ල ගත්තෙ ගොඩක් තදින්..එයා මට රිද්දනවා..

භවයෙන් භවේ 🥀 ( Yizhan )Onde histórias criam vida. Descubra agora