සිද්ද උන දේ මට හීනයක් වගේ දැනෙද්දි මට සිහිය ආවෙ අකේන්ගෙ ගෙදර ඒත් මගෙ කාමරේ නෙවෙයි එයාගෙ කාමරේ එයාගෙ ඇදේ..
එයා මාව ඒ මිනිස්සුන්ගෙන් බේරගෙන..ඔයා මෝඩ උනාද නේෂි ඔයා ඒ ගත්ත තීරණේ වැරදිද..අකේන් ඒ වෙලාවෙ ආවෙ නැත්තන් ඒ මිනිස්සු අතින් විනාස වෙලා මහ පාර මැදම මැරිල යන්න තිබ්බ නේද..
" නේෂි ඔයා හොදින් නේද ම්ම්.."
" තිසරූ..අකේන් කොහෙද.."
" එලියෙ ශකිල එක්ක.."
" අනේ තිසරූ මට සමාවෙන්න ඒත් මං එහෙම කරේ අකේන්ගෙම හොදට.."
" හරි හරි දැන් කලබල වෙන් නැතුව ඉන්නකෝ මෝඩයෝ..ඇත්තමයි දෙන්න හිතෙනව දෙකක් හිතුවක්කාරකමට.."
" සමාවෙන්න තිසරූ..මට සමාවෙන්න.."
" මේ මොකද අනේ හැම දේකට නහයෙන් අඩ අඩ සමාව ගන්නෙ ම්ම්..මං දැන් යන්න ඕනි නේෂි...ශකිලටත් hospital එකට යන්න ඕනි කිව්ව..ආකේන් කෝල් කරපු ගමන් අපි මේ දුවන් ආවේ.."
" මං ඔයාලට ගොඩක් කරදර කරනව නේද.."
" අනේ මේ කටවන් හිටපන් බං දෙන්න හිතෙනව ඇත්තමයි ලෙඩ කියල නොහිතා.."
" තිසරූ යන්ද අපි.."
" යන් අයියා..නේෂි අපි ඒනම් යනවා පරිස්සමින් ඉන්න හරිද ආයෙ එහෙම හිතුවක්කාර වැඩ කරල අහු උනොත් බලා ගමුකෝ.."
" හ්ම්ම්.."
සිහිය එද්දි මං ලග හිටියෙ තිසරූ..හැම වැඩක්ම පැත්තක දාලා මාව බලන්න ඇවිල්ලා..ඒ මට ආදරේ නිසාද එයාලා මං ගැන හිතන නිසාද නැත්තම් එයාලට සහෝදරයෙක් වගේ ඉන්න අකේන් මං නිසා පිස්සෙක් වෙයි කියල තියන බයටද ඒකද එයාල මට හොදට සලකන්නේ..මං නිසා අකේන්ට වැරැද්දක් වෙයි කියල හිතලද මේ හැම දේම..කොහොම උනත් මට දැනෙන වරදකාරී හැගීමෙන් මට කවදාවත් මිදෙන්න බෑ..මං ඉන්නෙ කොතනද මං ලග ඉන්න හැම මනුස්සයෙක්ටම මං නිසා කරදරයි..කාලකණ්ණියෙක් කියන්නෙ නිකන්ද..
තිසරුයි ශකිල අයියයි යන්න ගියේ මාව අකේන්ගෙ කාමරේ තනි කරලා..ආයෙත් මේ ගෙදර අපි දෙන්න තනි උනා..
කෝ එයා එන්නෙ නැද්ද මාව බලන්න..
විනාඩි ගානක් කාමරේට වෙලා බලන් හිටියත් අකේන් ආවෙ නැති නිසා මං නැගිටලා කාමරෙන් එලියට ගියා ඒත් නෑ නේ පෙන්න..මෙයා කොහෙ ගිහින්ද..
BẠN ĐANG ĐỌC
භවයෙන් භවේ 🥀 ( Yizhan )
Viễn tưởngඅතීතයේ සිට වර්තමානයට...⏳ හැකිද නැවත හමුවන්නට..මේ භවයේ මෙන් අසීමිත ලෙස ආදරය කරන්න..නැවත පැමිණෙන විට ආයුෂ බොහෝ රැගෙන එන්න..මා ඔබ කෙසේ හෝ සොයා ගමි.. මිනායු නේෂත්