Part 5 ✽

111 19 1
                                    

" අහ් පවනි මේ නේෂි මගෙ යාලුවෙක්.."

" ආ කොහොමද මහත්තයා.."

" ම්ම් මේ.. හොදයි.."

අකේන් මාව පවනිට අදුන්නලා දුන්නා..අනේ මෙයා මටත් මහත්තයා කියන්නේ මං නෙවෙයි නේ එයාගෙ මහත්තයා අකේන් නේ..

" යන් චූටි මහත්තයා ගෙට..තේ එකක් බොන්න.."

" දැන් බෑ පවනි අපි ගෙදර යන්නම්..ආයෙ වෙලාවක එන්නම්කො මං.."

අයියෝ මටනම් තේරෙන් නෑ මොකක්ද මේ කියලා..අකේන් ඉන්නෙ වෙනම පවනි ඉන්නෙ වෙනම..තේ බොන්න යන්නත් බෑලු අපරාදෙ අප්ප මේ සීතලේ උණු තේ එකක් බොන්න තිබ්බනම් මරු..පවනි අකේනුත් ඩිවෝස් වෙලාද දන් නෑ දෙපැත්තක ඉන්නේ..ඒත් ඉතින් පොඩි එකී තාත්ත කියන්නෙත් නෑ සමහරවිට එයා දන්නෙ නැතුව ඇති අකේන් එයාගෙ තාත්තා කියලා..අහ් එක්කෝ අකේන් අතින් උන අත්වැරැද්දක්වත්ද..එහෙම දෙයක් උනාම ඉතින් අතෑරල දාල ඉන්න බෑ නේ ඒ නිසා මෙයාල ගැන බලනවා වෙන්න ඇති..කොහොමත් මේ වතුවල ඉන්න අයට මහත්තයාලගෙන් ඔය වගේ කරදර වෙනව නේ..ඒත් ඉතින් අකේන් එච්චර පොඩි කලෙම..අනේ මංද ඔලුවත් විකාර වෙලා..පිස්සුද නේෂි ඔයාට ඕව හිතන්නෙ වෙන ප්‍රශ්න නෑ වගේ..

" නේෂි යන්ද.."

" හා.."

ටික වෙලාවක් පවනි එක්ක මොනාදෝ අකේන් තනියම කතා කර කර හිටියා මොනාද දන් නෑ නේ..ආ නේෂි ඔයාට අදාල දේවල් නෙවෙයි ඕවා පාඩුවෙ ඉන්න..

යන් කියාන ගිහින් car එකට නැගල මං එන්න කලින් මේ මිනිහ ඒක ස්ටාර්ට් කරලත් ඉවරයී..නෝනා හම්බුනාම ඒ පාර මට වෙනස්කම් කරනවද ඒයි..මහ ලොකුවට කිව්වෙනම් බලා ගන්නම් කියලා..

" බඩගිනිද ඔයට.."

ටික දුරක් ආවට පස්සෙ බඩගිනිද අහනවා..දැන් කොහොමත් රෑ වෙලා තියෙන්නෙ උදේ කෑව පාරනේ අප්පා අහන්න දෙයක්ද ඕක බඩගිනි මට...

" ටිකක් ඉතින්.."

" අහ් ටිකක් කියල පේනව මට කට බොරු කිව්වත් ඔන්න ඔයාගෙ බඩටනම් බොරු කියන්න බැරි උනා.."

අනේ රෙදි ලෙෆ්ට් නේ..බඩගින්න ටිකක් ගාද්දිම කෑ ගැහුවනේ මේ බූරු බඩ ඔයාට මේ වෙලාවෙම කෑ ගහන්න ඕනි උනා නේද..පව් අනේ බඩේ ඉන්න දව් පැටියට බඩගිනි වෙලා..

භවයෙන් භවේ 🥀 ( Yizhan )Where stories live. Discover now