Part 14 ✽

82 10 0
                                    

factory එකට ගිහින් අපි ආවේ සීයගෙ රොටී කඩේට..උදේම වගේ ආවට මොකද මේ මනුස්සයාට එතන වැඩ ගොඩාක් තිබ්බ නිසා ඒව ඉවර කරන්න පැය තුන හතරක් ඒක අස්සෙ ඉන්න උනා..මටත් මොකද ඉතින් අකේන් ඕනි තැනක ගිහින් බලලා එන්න කිව්ව නිසා factory එක වටේ ඇවිද ඇවිද අකේන් සැරින් සැරේට ඇවිල්ල කන්න බොන්න ගෙනත් දෙන ඒව කකා බිබී හිටියා..ඔය කොච්චර කරත් ඉතින් මේ දුශ්ටයගෙ තරහනම් තාම අඩු වෙලා නෑ..

" අකේන්.."

" ම්ම්ම්ම්.."

" අර හැලප තියනව නේ.."

" ඕනිද.."

" ඔව් ඉතින් නැත්තන් මං ඔයාට ඒ හැලප කියල දැන ගන්න පෙන්නුවෙ නෑ නේ.."

" හරි හරි බං අරගෙන කාපන්කො ඕනි මගුලක්.."

" සීයේ හැලපයා.....ක්.."

" ඉන්න සුදු මාහත්තයා..ගේනාම්.."

" චූටි මහත්තයා මොකදෑ මේ මූණ එල්ලන් අද.."

පිගානකට හැලප දෙකතුනකුත් දාන් ඒක මේසෙන් ගෙනත් තියන ගමන් සීයා අහද්දි අර බූරූ තඩිය රවනව මට..

දැන් ඉතින් ඔච්චර තරහ ගිහින් ඉන්නෙ මං නිසා කියලද කියන්නේ මෙයා..

" හිතුවක්කාර උන් එක්ක ඉද්දි ඒම තමා සීයා.."

කියන කැත විතරක්..ලුනුමිරිස් කැටියක් රොටියක ගාලා කැටේ ඔබන්න හිතෙනවා..

" සුදු මහත්තයා හිතුවක්කාර වැඩක් කරාද.."

" මං මුකුත් කරේ නෑ අනේ..මං අහිංසකයි.."

" ඇත්තද.."

ඒ අකේන් සීයටයි මටයි මාරුවෙන් මාරුවට රවනවා..සීයක් මක් කරාටද දෙයියනේ ඒ වයසක මනුස්සයට රවන්නේ..

" ඔව් ඇත්ත තමා ඇයි.."

" යමන්කො ගෙදර බලා ගන්නම්.."

හේ හේ..යමක් වෙයි වගේ..ගෙදර ගිය ගමන් ලෙඩක් දාලා නිදා ගන්න ඕනී..

" ආ සුදු මහත්තයා කිරි එක.."

අද සීයගෙ කඩේ එළකිරි තිබ්බා ආසවක් ආවා ඒව බොන්න..කාලෙකින් බිව්වෙ නැති නිසා සීයට එළකිරි රත් කරලා දෙන්න කිව්වා..

අකේන්නම් මේවට කැමති නැල්ලූ..මල විකාර මං බොන දිහා බලාගෙන රව රව ඉන්නවා දැන්..මේක පුදුම රැවිල්ලක්නෙ අප්පා..දවසම නිකන් මොකෙක්ද එකෙක් වගේ මට රවන එකමයි වැඩේ..ලස්සනයි කියලද දන් නෑ හිතන් ඉන්නේ එහෙම කරද්දි..

භවයෙන් භවේ 🥀 ( Yizhan )Where stories live. Discover now