ℂℍ𝔸ℙ𝕋𝔼ℝ 02

32 9 0
                                    

" ටෙහියුන් දැන් ඔයාගේ ශිෆ්ට් එක ඉවරයිනේ යන්නේ නැද්ද දැන් "

" දැන් යන්න ඕනේ සර්. මේ ටිකම අස් කරලාම යන්නම් කියලා බැලුවේ "

" හා හා ඔයා ටික අස් කරලා යන්නකෝ. දැන් හතරයි වෙලාව අම්මත් බලාගෙන ඇතිනේ "

" හරි සර්"

" ජින් හියුන් මගේ වැඩ ටිකනම් ඉවරයි. ඔයා යද්දී රෑ වෙයි නේ. "

" ඔව් ටේ මන් යද්දී 9වත් වෙයි "

" මන් හියුන්ට තව ටිකක් උදව් කරලම යන්නම් නේ "

" නෑනෑ එපා ටේ මට මේ ටික ඉවර කර ගන්න පුළුවන් ඔයා ගිහින් දැන් ඔම්ම ගැන බලන්නකෝ "

" අහ්හ් එක නෙමේ හියුන්..... ඔයා නම්ජුන් හියුනවා බදින්නේ කවද්ද? බැන්දට පස්සෙනම් මේ පැත්තේ එන්නෙවත් නැති වෙයි නේ "

" පිස්සුද ටේ මන් මොන නැත්තත් මන් එනවා මගේ පිස්සු මෝඩ මල්ලිව බලන්න "

හියුන් එහෙම කියද්දිනම් මට‍ ගොඩක් සතුටු හිතුන. මන් දන්න දවසේ ඉදල හිටියේ මගේ අම්මා විතරයී....... අහ්හ්හ් තව මගේ මෝඩ සොල්මෙටුත් ඉන්නවා එයාල දෙන්නට පස්සේ තමන්ගේම කෙනෙක් වගේ මට සැලකුවේ ජින් හියුන් විතරයි.

" අනික තාම ටේ මන් ලගදීම බදිනවා "

" මොකක් ශෝක් නේ හියුන් "

" ඔව් අනේ අර මෝඩ කුක්කා ඉන්නේ "

" කුක්කා කිව්වේ.... කාටද අනේ "

" අයියෝ ටේ බෙයා. මන් ඔයාට කලින් කිව්වනේ නම්ජුන්ට මල්ලි කෙනෙක් ඉන්නවා කියලා. එයා එනකන් තාම වෙඩින් එක කල් දැම්මේ"

" අහ්හ්හ්හ් ඔව්  ඉතින් "

" ඉතින් කියන්නේ ඔයා කුක්කා අද එනවා කිව්වා. එයා අවා කියන්නේ ඊට පස්සේ අපේ වෙඩිම තාම ඉතින් "

" අනේ හියුන්......... ඔයා...... ඔයා කිව්වා එයා ආවම මෙතනින් අයින් වෙනවා කියලා. අද එයා එනවනම් ඔයා වැඩ කරන අන්තිම දවස අදද? "

" මන් අද මෙතනින් අයින් වෙනවා තාම බෙයා "

" අනේ හියුන් මට‍ ආයේ ඔයාව හම්බ වෙන්නේ නැති වෙයිද? "

" ටේ බෙයා මේ අහන්නකො..... මන් මෙතන වැඩ කරත් නැතත් ඔයා තාම මගේ මල්ලි....... මන් බැදලා ගියා කියල කිසි වෙනසක් වෙන්නේ නැ. නම්ජුන් උනත් ඔයාට ගොඩක් ආදරෙයිනෙ බෙයා හ්ම්ම්ම්...... ඉතින් අපේ ගෙදර ඔයා වෙනුවෙන් ඕන වෙලාවක ඇරලා තියෙන්නේ. ඕන වෙලාවක ඔයාට එහෙ එන්න පුළුවන්. ඔයා හැමදාමත් මගේ චුටි මල්ලිම තාම හරිද? කාටවත් බැ එක වෙනස් කරන්න තේරුනාද? හ්ම්ම් "

𝔼𝕟𝕕𝕝𝕖𝕤𝕤 𝕃𝕠𝕧𝕖 Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ