ℂℍ𝔸ℙ𝕋𝔼ℝ 02

Start from the beginning
                                    

"තේරුණා හියුන්. එත් ඇයි නම්ජුන් හියුන්ගේ මල්ලි එකපරම එන්නේ "

"මන් දන්නෙත් නැ බෙයා. උදේ තාම මටත් ජූන් කිව්වේ කුක්කා අද එනවා කියලා "

" අයියෝ ජින් හියුන් ඔයා කුක්කා කුක්කා කිව්වට මන් දන්නවද අනේ. එක්කෝ එයාගේ හරි නම කියන්නකෝ "

" එයාගේ හරි නම තාම jeon jungkook "

At the airport...

" අම්මෝ උබලා තුනදෙන ආවනේ. මටනම් සතුටුයි ඔයාලව දැක්ක හින්ද "

" අම්මෝ ජූන් හියුන්..... අම්මපා කියපන් උබට ඔයා සතුටු දැන් ඉකමනට ජින් හියුනවා බදින්න පුළුවන් හින්දනේ......... "

" පිස්සුද හොබා. එහෙම නෑ උබලව දැක්කෙත් කොච්චර කාලෙකට පස්සෙද "

" අනේ පලයන් හියුන් යන්න. උබට ජින් හියුනවා ඉක්මනට බදින්න ඕනේ කියලනේ මට මෙහෙට එන්න කියලා වද දුන්නේ "

" හරි හරි ඉතින් දන්නේ නැද්ද? ජන්කුකා කෝ බන් යුංගි " නම්ජුන් එහෙම කියනකොට තාම ජන්කුකටයි හොබීටයි එයාල එක්ක අවා යුන්ගිගෙන් සද්දයක්වත් නෑ කියලා මතක උනේ. යුංගිව හොයන්න වට පිට බලනකොට ජංකුක් දැක්කේ ටිකක් එහෙට වෙන්න නිදා ගෙන යුංගිව.

" අර ඉන්නේ අතෙන්ට හේත්තුවෙලා නිදා ගෙන "

ජංකුක් කියපු පැත්ත බලපු හොබී ඔලුවේ ඇත ගහගෙන " කොහෙගියත් මු නිදිනේ කියලා " හිතා හිතා යුංගි ලගට ගියේ එයාව ඇහැරවන්න කියලා හිතාගෙන.

" අඩෝ යුංගිය නැගිටපන්. අපි යන්න ඕනේ "

එත් අද නින්දේ හිටපු යුංගි හිතුවේ කවුරු හරි එයාට අතවර කරන්න එනවා කියලා. හේත්තුවෙලා හිටපු තැනින් ඉස්සරහට කෑගහගෙනම පැනල පොඩි කුංෆූ පාරක් දෙයක් පෙන්නවාම තාම. යුංගි දැක්කේ එයා දිහා කන්න වගේ බලන් ඉන්න එයාගේ අතිජාත මිත්‍රයෝ දෙන්න වගේම නම්ජුන් හියුනව.

" බුදු අම්මෝ....... මෙන්න මට අතවර කරනෝ.......... බේරගන්ඩෝ මාව.........

මොකද ඔහොම බලන්නේ "

එත් යුංගිගේ සද්දෙට මේ වෙනකොට එයාපෝට් එකේ හිටපු හැමෝගෙම අවදානෙන් මේ වෙනකොට මේ පිස්සුවෙන් කෑගහන පුස් කොල්ලට යොමු වෙලා ඉවරයී.

" උබලා දෙන්න මෙයාව දන්නවද? මන් නම් දන්නේ නෑ "

" කොහේ ඉදන්දෝ අවා පිස්සු පුසෙක්ද කොහේදෝ "

" අඩෝ යුංගිය කවුද බන් උබට අතවර කරන්න ආවේ. පෙන්නපන් බලන්න "

" කටවහ ගනින් ජන්කුකා උබ"

" අඩෝ යුංගිය උබ රෝස පාට වෙලා බන්. උබට ලැජ්ජා හිතුනද උබට අතවර කරන්න ගියපු හින්ද නේද ඔය "

" උබලා දෙන්න ඕක නවත්තනවද නැද්ද "

" මේ මේ උබලා තුන් දෙනාගේ විහිලු ගෙදර ගිහින් තියා ගනින් දැන් පරක්කු වෙන්න කලින් යමු "

මේ කොල්ලෝ තුන්දෙනාගේ විකාරේ ඉවර වෙන පාටක් නැති හින්ද. එහෙම කියලා ලැ්ගේජ් එකකුත් අරන් ඉතුරු ටික තුන් දෙනාට අරන් එන්න කියලා නම්ජුන් ඉස්සර උනා.

______________________________________

ඔන්න මම ආවෝ......... මට‍ මේක ලියන විදිහ හුරු නෑ අනේ. මෙකොටස ගැන මන් නම් සැටිස් නෑ...........

ඔන්න කුක්කා අවා හොදේ............................ දැන් ටෙවයි කුක්කාවයි සෙට් කරමු අපි.

By - KimAyuu7

2024/04/28

𝔼𝕟𝕕𝕝𝕖𝕤𝕤 𝕃𝕠𝕧𝕖 Where stories live. Discover now