𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎 - Episode 59

142 27 11
                                    


                           𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠

අයිවන් එදා දවසම හැසිරුනේ අවසිහියෙන් වගේ. ශෙන්ග්ට අයිවන්⁣ගේ වෙනස තේරිලා අයිවන්ගෙන් ඇහුවත් අයිවන් කිව්වේ පැක් එකේ අවුලක් කියලා.
අඩුම ලියාම්ටවත් කට්ටිය එවන්ගේ මේට් ගැන මුකුත් කියන්න ගියේ නෑ. මොකද ලියාම්ට කියනවට වැඩිය හොදයි එක පාරම ඕක ශෙන්ග්ටම කියන එක.

අයිවන් අරම කිව්වට පස්සේ ශෙන්ග් හිතාගෙන හිටියේ ඇත්තටම කලින් වගේ පැක් එකේ මොකක් හරි අවුලක් වෙලා වෙන්න ඇති කියලා. ඒක හින්දා එයා වුනත් ඒ ගැන වැඩිය හාරලා අවුස්සන්න ගියේ නෑ.

පහුවදා ⁣උදේ ශෙන්ග්ව ⁣කොලේජ් එක්කන් යද්දි වුනත් අයිවන්ගේ මූණ හරි නෑ. ශෙන්ග්වයි ලියාම්වයි කොලේජ් එක ගාවින් බස්සද්දිත් අයිවන් ශෙන්ග්ට වගේම ලියාම්ටත් හෙන උපදෙස් තොගයක් දුන්නා.
ඒ අස්සෙන් ශෙන්ග්ට නොදැනෙන්න ලියාම්ට මයින්ඩ් ලින්ක් එකෙනුත් උපදෙස් දුන්නා. අයිවන් විතරක් නෙමෙයි කවදාවත් නැතුව ක්‍රිස්ටියනුත් ලියාම්ට ශෙන්ග්ව වෙනදටත් වැඩිය ටිකක් බලාගන්න කියද්දි ලියාම්ගේ හිතට අමුතු සැකේකුත් ආවා.

ඒත් අයිවන්වත් ක්‍රිස්ටියන්වත් ඒකට මුකුත් හේතුවක් කියන්න ගියේ නෑ.
අනිත් දේ තමයි ශෙන්ග්ටයි ලියාම්ටයි කියන්න එපා කියලා අයිවන් ටයිලර්ටත් ඒ දෙන්නා ⁣ගැන විශේෂයෙන් ඇලර්ට් එකේ ඉන්න කියලා කෝල් කරලා කියපු එක. මොකක් හරිම දෙයක් වුනොත් දෙපාරක් හිතන්නේ නැතුව අයිවන්‍, රෙමිරෝ‍, එවන්‍, ජොනතන් කාටම හරි කතා කරන්න කියලා එයාලගේ නම්බර්ස් ඉදලා දුන්න එක. අයිවන්ගෙන් උදේ පාන්දර කෝල් එකක් එද්දි වැම්පයර් කෙනෙක් වුනත් ටයිලර් ඇත්තටම සෑහෙන්න බයවුණා. මොකද මේ මූන්ලයිට් සිටි එකේ ඔය කට්ටියගෙන් වැඩිපුරම ඩිරෙක්ට් ⁣කෝල්ස් එන්නේ මොකක් හරි වැරැද්දක් වගේ වෙලා නම් තමයි. ඒක හින්දා තමයි ටයිලර් බයවුණේ. ඒත් අයිවන් වෙන්න ⁣ඕන දේ කිව්වට පස්සේ ටයිලර් අයිවන් කියපු විදිහට එයාලා ගැන ඇලර්ට් එකේ ඉන්නම් කියලා අයිවන්ට පොරොන්දු ⁣වුණා. ඒ වගේම මොකක් හරි දෙයක් වෙන්න ගියොත් දෙපාරක් හිතන්නේ නැතුව මරන්න පුලුවන් නම් මරන්න‍,‍ ඉතුරු හරිය එයා බලාගන්නම් කියද්දි ටයිලර් වුනත් තේරුම් ගත්තා මේක සෑහෙන සීරියස් කේස් එකක් කියලා.
ඒ ටයිලර්ට කෝල් කරපු එකෙන් අයිවන්ට තවත් දෙයක් දැනගන්න පුලුවන් වුනා. අළුතෙන් ආව ගෑණු ළමයෙක් ටයිලර්ගෙන් චයිනීස් බෝයිස්ලා ඉන්නවද කියලා ඇහුවා කියලා. අයිවන් ආපහු ශොක් වුනේ ඒක අහලා. ටයිලර් කියපු විදිහට ඒ අර ලියාම්ට කලින් දවසේ වද දුන්න ගෑණු ළමයා.
අයිවන් ෆෝන් එතක කට් කරලා අනිත් අයටත් ටයිලර් කියපු එක මයින්ඩ් ලින්ක් කරාම එයාලත් පුදුම වුනා.

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎            [ SUPERNATURAL SERIES] Where stories live. Discover now