𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎 - Episode 50

114 20 5
                                    

𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠

"..වුල්ෆ් මේට්ස්ලා ගැන අහලා තියනවද ශේ..?"

සැzක්ෆ්‍රොන් අහද්දි ශෙන්ග් ලැජ්ජාවෙන්ම ඔළුව හෙල්ලුවා. එහෙම අහද්දි එයාට එයා අර කියවපු නවල්ස් එහෙමත් මතක් වුනා.

"..ඉතින් කොහොමද දන්නේ..?"

ඔන්න එතකොට නම් කනකුත් රතු කරගෙන ශෙන්ග් සැzක් දිහා බැලුවේ ඇස් යටින්.

"..ලැජ්ජ වෙන්නේ නැතුව කියන්න ශේ.. ඔයයි මායි විතරයිනේ.."

දැන් ශෙන්ග් එයත් එක්ක කම්ෆටබල් හින්දා සැzක්ෆ්‍රොන් ශෙන්ග්ව උස්සලා අරන් එයාගේ කකුල් දෙක මැද්දෙන් ඉන්දවගෙන පිටිපස්සෙන් හග් කරගත්තා. ශෙන්ගේ මේට් ස්මෙල් එක සැzක්ව ⁣පිස්සු වට්ටනවා. ඒත් එයා ඒක කාගෙන ඉවසගෙන හිටියේ ශෙන්ග්ට එයාව හම්බවුණ පළවෙනි දවසෙම බය කරන්න බැරි නිසා. බෙල්ලට නහය තියාගෙන සැzක් ලොකු හුස්මක් ගත්තේ ශෙන්ග්ට තේරේන්නේ නැතිවෙන්න.

"..අර පොත් වල තිබ්බා.. තව ගූගල් එකෙත් තිබ්බා.."

"..හරි ඉතින් මොනාද ඒවල තිබ්බේ ශේ බබා..?"

ශෙන්ග් එයා දැනගත්ත ඒවා එකින් එක කියාගෙන ගියේ හෙනම ලැජ්ජාවෙන්.

"..ඒවා ඇත්තද..?"

"..සමහර ඒවා ඇත්ත සමහර ඒවා බොරු.."

"..ඒ කියන්නේ.."

ශෙන්ග් අහද්දි සැzක්ෆ්‍රොන් මේට්ස්ලා සම්බන්ධයෙන් ශෙන්ග්ට කියලා දෙන්න ගත්තා.

"..අපි ඉපදෙනකොටම මූන් ගෝඩ්ඩෙස් අපිටම කියලා පාට්නර් කෙනෙක්ව තෝරලා තියනවා.. එයා කවුද‍, මොනවද කරන්නේ‍, කලුද සුදුද‍, සාමාන්‍ය මනුස්සයෙක්ද‍, වෙන ජාතියක කෙනෙක්ද කියලා නෑ‍, තරුණද වයසද කියලා නෑ‍, එයා අපේ පැක් එකේද වෙන පැක් එකකද කියලා නෑ.. ඉතින් ඕක වුල්ෆ් කෙනෙක්ට දැනෙන්නේ එයාට අවුරුදු දහ අටක් වුනාම.. ඉතින් වුල්ෆ් පැක් එකක මෙම්බර් කෙනෙක්ට අවුරුදු දහ අට වෙද්දි එයා රෙඩි වෙනවා එයාගේ පාට්නර්ව හොයාගන්න.. එයාලා ජීවිත කාලේම මැරෙනකන්ම ආදරේ කරන්නේ එයාගේ මේට්ට විතරයි.. එතනින් එහාට ලෝකයක් නෑ.. තමන්ගේ මේට් වෙනුවෙන් මැරෙන්න වුනත් ලෑස්තියි.."

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎            [ SUPERNATURAL SERIES] Where stories live. Discover now