𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎 - Episode 35

138 25 12
                                    

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎

⌛️♡︎ ..𝐓𝐡𝐞𝐲 𝐬𝐚𝐲
".. 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐮𝐧𝐭𝐢𝐥 𝐭𝐡𝐞 𝐝𝐚𝐲 𝐈 𝐝𝐢𝐞.."
𝐖𝐞 𝐬𝐚𝐲
"..𝐈'𝐥𝐥 𝐬𝐭𝐢𝐥𝐥 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐚𝐟𝐭𝐞𝐫..♡︎⌛️

[EPISODE 35]

____________🤎____________

❣️𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠❣️

⁣ශෙන්ග් කොලේජ් එක ඇතුලට ආවේ වටපිට බලන්නෙවත් නැතුව. ඒක ඉතින් එයාගේ සුපුරුද විදිහනේ. ලියාම්ගේ පර්ෆියුම් සුවඳවත් නෑ. අද එන්නේ නැද්ද දන්නේ නෑ. වෙනදට ශෙන්ග් ගේට් එකෙන් ඇතුළට එද්දිම ලියාම් ඉන්නවා බෑග් එකත් තියන් බංකුවක් උඩට වෙලා ඉඳගෙන. ඊටපස්සේ ශෙන්ග් ආවම දෙන්නම එකට තමයි ක්ලාස් රූම් එකට යන්නේ. අද ෆස්ට් බෙල් එක වදිනකන්ම ශෙග්ග් හිටියේ බංකුව ලග. ඒත් ලියාම් නෑ. ඉතින් සෙකන්ඩ් බෙල් එක ගහන්න කලින් ශෙන්ග් ක්ලාස් රූම් එකට ගියා.

ශෙන්ග් කොච්චර හිතුවත් එයා පරණ දේවල් වලින් ඉස්සරහට ඇවිත් කියලා එයාට අද තමයි තේරුණේ ඒක ⁣එහෙම නෑ කියලා. එයාගේ ලගින් හිටිය ලියාම් නැතිවෙද්දි එයාට තේරුණේ ක්ලාස් ⁣රූම් එක ඇතුලේ තියන බිත්ති එන්න ලංවෙලා එයාව චොප්ප කරන්න හදනවා කියලා. ඔළුව ඇතුලේ කළු පාට වළාකුළු පාවෙනවා. හුස්ම ගන්න අමාරුයි වගේ දැනෙනවා. ළමයි එයා දිහා බලද්දි එයාට තවත් අමාරුයි.
'ඇයි එයා හිතුවේ එයා ආපහු සාමාන්‍ය වෙලා කියලා. එයා එහෙම නෑ. එයා එහෙමයි කියලා එයාට හිතුණේ ලියාම් එයා ලග හැමවෙලේම හිටිය නිසා.'

ශෙන්ග් එහෙම්ම ඩෙස්ක් එකට ඔළුව තියාගත්තේ ඔළුව පැලෙන්න කැක්කුමක් එද්දි. ඇස් දෙක ඇරගන්නත් බෑ. ලූක්ගෙයි එයාගේ යාළුවොන්ගෙයි මූණවල් හයියෙන් හිනා වෙවී එයාගේ පැත්තට එබෙනවා පේනවා. එමිලිගේ නපුරු මූණ එයා දිහා බල බල හිනාවෙනවා.

"..ශේ!.."

ඒ කටහඬත් එක්කම ශෙන්ග්ව ෆේන්ට් වුනේ ලූක්ගේ නපුරු හිනාව එයාගේ ඔළුව ඇතුලේ දෝංකාර දෙද්දි.

"..ශේ.."

"..ශෙන්ග්.."

ශෙන්ග් ඇස් පිල්ලන් ගැහුවේ එයා ආසම සුවඳක් එයාව වහගෙන යද්දි.
'ලියාම්'
දඩිබිඩි ගාලා ඇස් දෙක ඇරලා ඇඳේ ඉදගත්ත ශෙන්ග් වටපිට බලලා හෙව්වේ ලියාම්ව. එයාගේ ඇඳ ලගම හිටිය අනිත් අය දිහා බලන්නෙත් නැතුව එයා ලියාම්ව බදාගත්තේ ලියාමුත් එයාව තද කරලා බදාගනිද්දි.
වටපිටේ හිටියේ කවුද කියලවත් ශෙන්ග්ට ගාණක් තිබ්බේ නෑ. වෙනදට මොකක් හරි වුනාම මමීවයි, ඩැඩීවයි හෙව්ව ශෙන්ග් අද හෙව්වේ ලියාම්ව.

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎            [ SUPERNATURAL SERIES] Where stories live. Discover now