𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎 - Episode 29

163 27 17
                                    

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎

⌛️♡︎ ..𝐓𝐡𝐞𝐲 𝐬𝐚𝐲
".. 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐮𝐧𝐭𝐢𝐥 𝐭𝐡𝐞 𝐝𝐚𝐲 𝐈 𝐝𝐢𝐞.."
𝐖𝐞 𝐬𝐚𝐲
"..𝐈'𝐥𝐥 𝐬𝐭𝐢𝐥𝐥 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐚𝐟𝐭𝐞𝐫..♡︎⌛️

[EPISODE 29]

            ____________🤎____________

                      ❣️𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠❣️

"..ඇත්ත එවන් කිව්වේ.. ඒ ළමයා නම් හරිම කියුට්.."

⁣ජොනතන් කිව්වේ පිටිපස්සේ ⁣ගේට් එකෙන් එයාගේ ඩුකාටි එක මැන්ෂන් ගාඩ්න් එකට දාලා. අළුතෙන්ම සෙට් කරලා තිබ්බ සික්‍යුරිටි සිස්ටම් එකේ පාස්වර්ඩ් එක ගැහුවම මැන්ෂන් එක ඇතුලේ තියන වෙහිකල් ගැරජ් එකේ රෝලර් ගේට් එක ඇරෙනවා.

"..මං කිව්වේ.."

ලියාම් කිව්වේ බයික් එකෙන් බැහැලා එයාගේ හෙල්මට් එක ගලවලා ⁣⁣⁣ජොනතන්ට දීලා.

ලියාම් ගන්න ඇවිත් හිටියේ ජොනතන්. එවන්ට මොකක් හරි වැඩක් කියලා සිටි එකේ වැඩකට ආව ගමන් එහෙම්ම ජොනතන් ලියාම්වත් අරගෙන තමයි මැන්ෂන් එකට ආවේ.

"..ඉතින් චිස්.. දැන් එයයි මමයි තමයි ප්‍රොජෙක්ට් පාට්න'ස්ලා.. හැබැයි තාම අපි කතා කරගත්තේ නෑ මොකක්ද කරන්නේ කියලවත්.."

ලියාම්ගේ ඇස් දෙක ටීක් බෝල දෙකක් වගේ සතුටින් දිලිසෙනවා. කටත් උල් කර කර හරි හරියට එයාගේ අළුත් පාට්නර් ගැන කියෝනවා. ක්‍රිස්ටියන් මේ කාලේකට පස්සේ ලියාම් එයාලා නිසා ඇරුණම සතුටින් ඉන්නවා දැක්කමයි.

"..ඔයාට අයිඩියා එකක් තියනවද මොන වගේ එකක්ද කරන්නේ කියලා.. එතකොට එයා එක්ක කතා කරලා බලලා එයා කැමති නම් ඒක කරන්න පුලුවන්.. හැබැයි එයාගේ අදහස් මොනාද කියලත් දැනගන්න.. දෙන්නගෙම ඒවා බලලා දෙන්නටම ලේසියෙන් කරන්න පුලුවන් එක තෝරගන්න.."

එවන් කියාගෙන ගියේ ලියාම් ඔළුව වනද්දි.

ඊටපස්සේ ඩිනර් අරන් ඉවර වුනාම ලියාම් කෙලින්ම එයාගේ රූම් එකට ගියා.

"..රෙමීට මං සීන් එක කිව්වා.."

ජොනතන් කිව්වේ ක්‍රිස්ටියන් දිහයි, එවන් දිහයි බලලා.

"..ඊටපස්සේ..?"

"..එයා අයිවන්ට කියනවද නැද්ද කියලා හිතලා බලන්න ඕන කිව්වා.."

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎            [ SUPERNATURAL SERIES] Where stories live. Discover now